Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපානයේ ගංවතුරත් සමග නායයාම් - 60 ක් මරුට

ස්වභාවික විපර්යාස වලින් නිරන්තරයෙන් පීඩාවට පත්වන ජපානයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

පුද්ගලයින් 44 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් ලක්ෂ 20 කට ආසන්න පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇත.

හිරෝෂිමාව ඇතුළු ජපානයේ බටහිර ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් විනාශ වී තිබේ.

ඊයිම් සහ කොචි ප්‍රදේශවලටත් මධ්‍යම ජපානයටත් ඉදිරියේදී අධික වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ද සදහන්.

ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනයක් උවාජිමා නගරයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර 364 ක අගයකි.

කොචි ප්‍රාන්තයේ සුකෝමා නගරයට මිලිමීටර 263 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.

විපතට පත් ජනතාවට සහන සැලසීමට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර ටෝකියෝ නුවර මැග්නිටියුට් ඒකක 06ක ප්‍රබල භූ කම්පනයක් හට ගැනීමත් සමග නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක්ක සෙළවීමකට ලක්ව ඇති බව ද සදහන්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();