Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතාලයෝ 5ක් ඇමැතිවරයකුගේ රැකවලුන්.

Gun_Shoot

පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන් යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර ඇත.

මෙම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින විශේෂ පොලිස් කණ්ඩායම සතුව ඇති බව සඳහන් වේ. මේ පස්දෙනා අතර පොලීසියේ රාජකාරි කරද්දී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයකුද සිටින බවත් පැවසේ.

ඇමතිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදී සිටින බව කියන ප්‍රබල පාතාල නායකයකු යැයි කියන පුද්ගලයකු මෑතකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලීසිය සඳහන් කර ඇත.

මේ අතර පාතාලයන් පස්දෙනකුගේ රැකවරණය ලබන බව කියන මෙම ඇමතිවරයා සිය බල ප්‍රදේශයේ පොලීසි මගින් හෙරොයින් හා කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් මුදාගැනීමට දැඩි ලෙස බලපෑම් කරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත. එමෙන්ම හෙරොයින් ග්‍රෑම් පහක් සහ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස මෙම ඇමතිවරයා මෑතකදී පොලිසියට දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

The post පාතාලයෝ 5ක් ඇමැතිවරයකුගේ රැකවලුන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();