ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ මොරටුව ෆිට් වීල් ක්‍රීඩා සමාජය සංවිධාන කරන ෆිට් වීල් අභියෝගතා විවෘත පාපැදි සවාරිය ලබන මස 5 වැනිදා මොරටුවේදී පැවැත්වේ.
පාපැදි සම්මේලනයේ ලියාපදිංචි පාපැදි සමාජවල මේ වසරට බලපත්‍ර හිමි 23න් පහළ සහ සුපිරි වර්ගීකරණයට අයත් ක්‍රීඩකයන්ට මේ සඳහා සහභාගිවිය හැකි අතර එක් ක්‍රීඩා සමාජයකට ඉදිරිපත් කළ හැකි ක්‍රීඩකයන් සඳහා සීමාවක් නොමැති බව සංවිධායකයෝ පවසති. අදාළ ක්‍රීඩකයන් තම ක්‍රීඩා සමාජයේ නිල අඳුමෙන් තරගයට සහභාගි විය යුතුය.
ජාතික සහ ජාත්‍යන්තර (යු.සී.අයි.) නීතිරීති රෙගුලාසි අනුව පැවැත්වෙන තරගය ෆිට් වීල් ක්‍රීඩා සමාජය ඉදිරිපිටින් 5 වැනිදා පෙ.ව.10.30ට ආරම්භ වෙයි.
වට 4කින් සමන්විත තරගය නව ගාලු පාරෙන් පානදුර දක්වා ගමන් කර පානදුර ඔරලෝසු කණුව අසලින් වමට හැරී බණ්ඩාරගම දක්වා ගොස් එම හංදියෙන් වමට හැරී කැස්බෑව හරහා පිළියන්දලට පැමිණෙයි. පිළියන්දල හංදියෙන් වමට හැරී කටුබැද්ද දක්වා පැමිණ එයින්ද වමට හැරී ආරම්භක ස්ථානය දක්වා ගමන් කරයි. තරගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 156කි.
තරගයේ ජයග්රාහකයාට රුපියල් 50000ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් රු.40000, රු.30000ක්, රු.25000, රු.20000 සහ රු.15000ක් පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. එමෙන්ම 7 වැනි ස්ථානයේ සිට 10 වැනිදා දක්වා රු.10000ක්, 11 වැනි ස්ථානයේ සිට 15 වැනියා දක්වා රු.5000ක්ද මුදල් ත්‍යාග පිරිනැමේ. ස්ප්‍රින්ට් ජයග්‍රාහකයන් සඳහා රු.2000ක් හිමිවනු ඇත.
තරගයට අදාළ අයැදුම්පත් ලබන මස 3 වැනිදා දහවල් 12.00ට පෙර සංවිධායක, ෆිට් වීල් ක්‍රීඩා සමාජය, නො.5 වේළුවණාරාම පාර, රාවතාවත්ත, මොරටුව ලිපිනයට යොමුකළ යුතුය. වැඩි විස්තර දු.ක. 0714232888 (ජාන්) හෝ 0778112171 (යුෂාන්) මගින් ලබාගත හැකිය.
0 Comments