ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වැනි වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට රටපුරා කණ්ඩායම් 4000ක් තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ එකම තරගාවලියකදී වැඩිම ක්‍රීඩා කණ්ඩායම් ගණනක් සහභාගීවන එකම ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව බවද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. කොළඹ නවලෝක ශ්‍රවණාගාරය පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන අගෝස්තු මාසයේ ආරම්භ කෙරෙන අතර අදියරෙන් අදියරට ක්‍රියාත්මක වෙමින් දෙසැම්බර් මාසයේ දී අවසන් මහා තරගය පැවැත්වීමට සූදානම් කොට තිබේ. තරගාවලිය විවෘත හා වයස අවුරුදු 22න් පහළ ලෙස පිරිමි හා කාන්තා අංශ දෙකකින් පැවැත්වෙන අතර ජයග්‍රහී කණ්ඩායම්වලට හා ඒ ඒ අංශවල දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි පිරීනැමීමට කටයුතු යේදේ. ජාතික මට්ටමේ ජයග්‍රාහී කණ්ඩායම් වලට රුපියල් 150,000 බැගින් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 100,000ක්ද තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 50,000ක්ද ප්රදානය කෙරේ.
අවුරුදු 22න් පහළ ශූරතාව දිනාගන්නා කණ්ඩායම් සඳහා රුපියල් 100,000 බැගින් පිරිනැමෙන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා ත්‍යාග මුදල පිළිවෙළින් රුපියල් 50,000ක් හා රුපියල් 25,000කි. තරගාවලියේ පළමු අදියර දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පැවැත්වෙන අතර අනතුරුව ජාතික මට්ටමේ තරග හා අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කොට ඇත.
මාධ්‍ය හමුව ඇමැතූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ වසර වොලිබෝල් ක්‍රීඩාවට ඉතා වැදගත් වසරක් වනු ඇති බවයි.
“තරගාවලි රාශියක් මේ වසරේ පැවැත්වෙනවා. ඒ සියලු තරගාවලි අපට වැදගත්. ලබන වසරේ ආසියානු තරගාවලිය පැවැත්වෙන්නේ 22න් පහළ තරගාවලියක් ලෙසයි. ඒ නිසා මෙවර රන් කුසලාන තරගාවලියේ එම වයස් කාණ්ඩයේ තරගාවලිය ඉතා වැදගත් වෙනවා. කොළඔ නගරයේ සිට ඈත ධීවර ගම්මාන දක්වා වොලිබෝල් ක්‍රීඩාව ජනප්රියවී තිබෙනවා. ඒ නිසා ජාතික ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමට විශාල වගකීමක් තිබෙනවා” ඇමැතිවරයා පැවැසීය.
වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කළ හා තවමත් එම කටයුතු වල නිරත වන තිදෙනෙකුට උපහාර ප්රදානය කිරීමක් ද මේ මාධ්‍ය හමුවේදී සිදු කෙරුණි. වොලිබෝල් තරග නිවේදනය කළ නිමල් එස්. පෙරේරා, ක්‍රීඩකයකු හා විනිසුරුවකුවූ නලින් සම්පත් හා පුහුණුකරුවකු, කළමනාකරුවකු වූ සී. රත්නමුදලි යන මහත්වරුන් උපහාරයෙන් පිදුම් ලැබූහ.
පසුගිය වසරේදී කටාන එක්සත් ක්‍රීඩා සමාජය විවෘත පිරිමි අංශයෙන් ශූරතාව හිමිකර ගත් අතර, කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය විවෘත කාන්තා අංශයෙන් ශූරතාව හිමිකර ගත්තේය.
මේ මාධ්‍ය හමුවට ඩයලොග් ආසිආටා පී. එල්. සී සාමාන්‍යාධිකාරී (වෙළඳනාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කාංචන ජයරත්න හා ලේකම් නාලක සාන්තසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
0 Comments