චීනයේ බීජිං නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදු වී තිබේ. පිපිරීම සිදුවූ ස්ථානයේ කුඩා සුන්බුන් දැකගත හැකි බව තානාපති කාර්යාල ප්රකාශකයෙක් පැවසීය.
මෙය එක් පුද්ගලයෙකු විසින් සිදුකළ බෝම්බ පිපිරවීමක් බවත්, එම පිපිරීමෙන් බෝම්බකරුට අමතරව තුවාලකරුවන් නොමැති බවත් එම ප්රකාශකයා වැඩිදුරටත් කීය. එසේම තානාපති කාර්යාලයට ද කිසිදු හානියක් සිදු වී නැති බව ද ඔහු තහවුරු කරයි.
බෝම්බකරු 26 හැවිරිදි ජියෑන්ග් වාසගම සහිත පුද්ගලයෙකු වන අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව බීජිං පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
0 Comments