වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 27 වන දින සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කර ඇත. මාහාචාර්යවර්යා සඳහන් කර ඇත්තේ 21 වන සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය වන මෙය ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට දිස්වන බවයි.
ඒ අනුව ලබන 27 වන පොහෝ දින රාත්‍රීයේ සිට 28 වනදා අළුයම තෙක් පැය 06 යි විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන බවත් මෙම චන්ද්‍රග්‍රහණය කොටස් වශයෙන් ලොව බොහොමයක් රටවලට දිස් වුවද මුළු චන්ද්රග්රහණයම හොඳින් දිස්වන්නේ නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග රටවලට බවත් මහාචාර්යවරයා සඳහන් කර ඇත.
මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සදහන් කර තිබේ.
The post 27වනදාට පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. appeared first on Lanka News Column.
0 Comments