නිරිතදිග සිරියාවේ ප්‍රදේශ කිහිපයකට එල්ලවූ සංවිධානාත්මක බෝම්බ ප්‍රහාර කිහිපයකින් අවම වශයෙන් 215 දෙනෙකුවත් මිය ගොස් ඇත. මෙහිදී මිය ගොස් ඇති පිරිසෙන් 127 දෙනෙකුම සිවිල් වැසියන්ය. 160 දෙනෙකු තුවාල ලබා ඇති බව සුවෙයිඩා සෞඛ්‍ය අධිකරිය මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.
මේ ප්‍රහාර මරාගෙන මැරෙන බෝම්බ ලෙස වාර්තා වන අතර සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශය පුරා ප්‍රහාර මාලාව සිදු කර ඇත. එම ප්‍රදේශ රජයේ පාලනයේ පවතින බවත් අයි. එස්. ත්‍රස්ත සංවිධානය මේ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරවලින් පසුව අයි .එස්.සංවිධානයේ සාමාජිකයන් සහ සිරියා රජයේ හමුදා අංශ අතර වෙඩි හුවමාරුවක් ද සිදු වී තිබේ.
රුසියාවේ සහාය ලබන සිරියානු රජය පසුගියදා එරට දකුණු ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. ඒ අතර සිදු වූ මේ ප්‍රහාර මාලාව පසුගිය මාස කිහිපය තුළ දී රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක සිදු වූ මාරාන්තිකම ප්‍රහාර මාලාව බව එහි සිටින විදෙස් මාධ්‍යවේදීන් වාර්තා කරයි.
0 Comments