Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තාන මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

පාකිස්තාන මහමැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ඡන්ද 50%කට ආසන්න ප්‍රමාණයක් ලබමින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඊයේ පැවති පාකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් තිබේ. නිල නොවන වාර්තාවලට අනුව ඉම්රාන් ඛාන්ගේ පී. ටී. අයි පක්ෂය ඉදිරියෙන් සිටින අතර මේ වන විටත් එම පක්ෂ සාමාජිකයන් වීදිවලට බැස සතුටු වන ආකාරය එරට මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සරල බහුතරයක් හිමිවුවහොත් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතී. තවමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතර තාක්ෂණික ගැටලු ද බලපා ඇති අතර එය ඉම්රාන් ගේ පක්ෂයේ ජයග්‍රහණය හේතුවෙන් සිදු වන බවට එම පාක්ෂිකයෝ සැක පළ කරති.

මැතිවරණය පැවැත්වුණු ඊයේ දිනයේ දී අයි. එස් බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර ඉන් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස් තිබුණි. ඡන්ද මධ්‍යස්ථාන 85,000ක් රට පුරා ස්ථාපනය කර තිබුණේ පොලිස් සහ යුද හමුදා සාමාජිකයන් 800,000 කගේ ආරක්ෂාව යටතේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();