Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2005 – 2015 කාලය තුළ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන් සහන ලබාගැනීමට ඉල්ලුම් කරන්න.

media

2005-2015 කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කැබිනට් අනුකාරක කමිටුවේ නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට හා සංවිධානවලට යළිත් අවස්ථාවක් ලබාදීමට එම කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව මෙම යෝජනා සහ ඉල්ලීම් 2018 අගෝස්තු 10 වැනි දිනට පෙර පහත සඳහන් ලිපියනට, ෆැක්ස් අංකයට හෝ විද්‍යූත් තැපැල් ලිපියනට යොමු කළ හැකිය.

මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදීම්වලට සහ නොයෙකුත් විවිධ හිරිහැර හා පීඩාවන්ට පත් වූ  මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් පිළිබඳව ඉල්ලීම් කැඳවීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර ඇත.

ලිපිනය –

ලේකම්,

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

අංක 163, ” ඇසිදිසා මැදුර”

කිරුලපන මාවත, පොල්හේන්ගොඩ,

කොළඹ 05.

ෆැක්ස්- 0112513645/0112513469
ඊමේල්- media@media.gov.lk

The post 2005 – 2015 කාලය තුළ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන් සහන ලබාගැනීමට ඉල්ලුම් කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();