Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FIFA ලෝක කුසලානයේ වයස්ගතම ගෝලය

Image result for fifa oldest goal
මේවන විට ආරම්භවී ඇති පාපන්දු ලෝක කුසලානයේ දී කණ්ඩායම්වල සිටින ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයින් මෙන්ම දැල් රකින්නන් කෙරෙහිද වැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුව පවතී. නිදහස් පහරවල් එල්ල කිරීමේදී අනපේක්ෂිතව පැමිණෙන පහරවල් වැලැක්වීමේ සිට විශේෂයෙන්ම දඬුවම් පහරවල් වැලැක්වීමේදී කණ්ඩායමේ වීරයන් වන්නේ දැල් රකින්නන්ය. ඒ අනුව මෙවර තරගාවලියට පැමිණෙන දැල් රකින්නන් අතරින් ප්‍රධාන සහ අවධානය යොමුව ඇති දැල් රකිනනන් කිහිප දෙනෙකු පිළිබඳව අප මෙලෙස අවධානය යොමු කරමු.
පාපන්දු පිටියේ එලෝ කෝටියක් ගෝල ගසා තිබේ. ගෝල ගසන්නේ නැතිනම් ඒ පාපන්දු ක්‍රීඩාව නොව ක්‍රිකට් ක්‍රීඩාව වන්නට හැකිය. නමුත් ගෝල කොතරම් ගැසුවද සදා අනුස්මරණීය ගෝලද ඇත. මේ ලෝක කුසාලන පාපන්දු තරග ඉතිහාසයේ එවැනි අනුස්මරණීය ගෝල කීපයක් ගැන කෙටිසටහනකි.
Image result for lilian thuram

ලිලියන් තූරම් - (ප්‍රංශය)

ප්‍රංශය 1986 තරගාවලියෙන් පසුව නැවත ලෝක ශූරතා තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 1998 තරගාවලියටය. ඒ ඔවුන් විසින් එම තරගාවලියට සත්කාරකත්වය දැක්වූ බැවිනි. තරගාවලිය සාර්ථක කරගනිමින් ඔවුන් අවසාන පූර්ව වටය දක්වා පැමිණිමට සමත් විය.
අවසන් පූර්ව තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පළමු වතාවට ලෝක පාපන්දු තරගාවලියක් සඳහා එක්වී සිටි ක්‍රොඑෂියාවයි. තරගයේ පළමු මිනිත්තු 45 අවසන් වන විට ප්‍රංශයේ බලාපොරොත්තු සුන් කරමින් තරගාවලියේ පෙරළිකාරයින් වු ක්‍රොඑෂියාව ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
ලිලියන් තූනම් යනු ප්‍රංශයේ ආරක්ෂක පෙළේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. ඒවන විට තරග 40කට වැඩි ගණනකට ක්‍රීඩාකර සිටි තූරම් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වූයේ නැත. නමුත් ඔහු ආරක්ෂක පෙළේ ප්‍රබලයෙකි. මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ තූරම් 47වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් ගෝල 1-1ක් ලෙස තරගය සම තත්ත්වයකට ගෙන ආවේය. තවත් මිනිත්තු 27කට පසු 74වැනි මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වූ තූරම් තනිවම පන්දුව තම ගෝල් සීමාවේ සිට රැගෙන විත් ප්‍රතිවාදී ගෝලයට මීටර් 30ක පමණ දුර දකුණු පස පැති රේඛාව ආසන්නයේ සිට ඉතාමත්ම විස්මිත ආකාරයෙන් තම වම් පාදයෙන් එල්ල කරන ලද පහරකින් ප්‍රංශයට ජයග්‍රාහී ගෝලය රැගෙන ආවේය.
ලිලියන් තූරම් 2008 වසරේ පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ලබනා විට තරග 147කට ක්‍රීඩාකර තිබුණි. ඒ වන විටත් ඔහු රැස්කර ගෙන තිබුණේ ගෝල් 2ක් පමණි. ඒ 1998 තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ක්‍රොඑෂියාවට එරෙහිව ලැබූ ගෝල 2යි. එබැවින් අදත් විචාරකයින් ලිලියන් තූරම්ගේ එම ගෝල දෙක සලකන්නේ ප්‍රංශයට 1998 ලෝක කුසලානයේ දොරගුළු විවරකළ ගෝල 2 ලෙසිනි.
Related image

රොජර් මිල්ලා (කැමරූන්)

1990 තරගාවලියේදී කැමරූන් කණ්ඩායම තරග වැදුණු පළමු තරගයෙන් ඔවුන් ජය ගත්තද ඉන්පසු තරග වලදී ඔවුන්ට ගෝල ලබා ගැනීමේ විශාල අසීරුතාවයක් පැවතුනි. එහි ප්‍රතිපලයක් ලෙස ඒ වන විටද 38 හැවිරිදි ඔවුන්ගේ ප්‍රධානම ප්‍රහාරක ක්‍රීඩකයා යොදා ගැනීමට ඔවුන්ට සිදු විය. නමුත් මිල්ලාට සම්පූර්ණ තරගයක් ක්‍රීඩා කිරීමේ අපහසුතාවයක් තිබුණී. ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ වයසයි.
එබැවින් රොජර් මිල්ලා පිටියට පැමිණෙන්නේ තරගයේ දෙවැනි අර්ධයේ දීය. බොහෝ විට අවසන් මිනිත්තු විස්ස තුල සිදු කරනු ලබන ක්‍රීඩක ආදේශ තුලදීය.
පළමු වටයේ රුමේනියාව සමග තරගය ගොල් 0-0ක් ලෙස පැවති අතර අවසන් මිනිත්තු විසිසේදී පිටයට පැමිණි මිල්ලා විසින් 77 වැනි මිනිත්තුවේදී සහ 87වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් විය. ඒ නිසාම තරගය ගෝල 2-1ක් ලෙස ජයගත් කැමරූන් කණ්ඩායම තම කණ්ඩයේ පළමු ස්ථානය ලබා දෙවැනි වටයට පිවිසීමට සමත් විය.
එම තරගාවලියේ කැමරූන් පිලට අර්ධ දෙවැනි වටයේ තරගය පැවතියේ කොලොම්බියාව සමගය. පළමු අර්ධයේ ලකුණු තත්ත්වය ගොල් 0-0කි. දෙවැනි අර්ධයද එසේම අවසන් විය. මිල්ලා පිටියට පිවිසියේ තරගය අවසන් වීමට මිනිත්තු 15කට පෙරය. අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ මිල්ලා 106 වැනි සහ 109 වැනි මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කළේ පාපන්දු ලෝකයම මවිත කරවමිනි. එම නිසාම කැමරූන් කණ්ඩායම ලෝක ශූරතා පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පළමු අප්‍රිකානු රට බවට පත් විය. ඒ රොජර් මිල්ලා නිසාය.

ගෝලයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා

ගෝලයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා වන්නේද රොජර් මිල්ලාය. 1994 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැමරූන් සහ රුසියාව අතර තරගය පැවති අතර එම තරගයෙන් රුසියාව ගෝල 6-1ක් ලෙස දැවැන්ත ජයක් ලැබීය. එම තරගයේ විශේෂත්වය වූයේ ලෝක ශූරතා පාපන්දු ඉතිහාසයේ ගෝලයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස රොජර් මිල්ලා ඉතිහාසගත වීමයි. ඒ වන විට මිල්ලාගේ වයස අවුරුදු 42කි. එතෙක් මෙතෙක් ලෝක ශූරතා පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු එම වාර්තාව බිඳහෙලා නොමැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();