ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයකඅතර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව සදහන් වේ.
ආපදාවට ලක් වූවන්ට වන්දි ලබා දීම තම අමාත්‍යංශයට අයත් කටයුත්තක් වුවද ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන ඊට මැදිහත්ව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා එම මුදල් ලබා දෙමින් සිටින බවට ඇමති දුමින්ද දිසානායක චෝදනා කර ඇතැයි පැවසේ. එහෙදි පිළිතුරු දී ඇති ඇමති වජිර අබේවර්ධන තමා එම කටයුතු අතට ගෙන ඇති බවත් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හරින්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව බවත් පවසා ඇත.
අමාත්‍ය වරු දෙදෙනා අතර ඉතා තදින් අදහස් දක්වමින් එයට මැදිහත්ව ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආපදා කළමනාකරණය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් විෂයක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක එක්ව සාකච්ජා කර කටයුතු කළයුතු බවත් සඳහන් කර ඇත
The post එජාප,ශ්‍රීලනිප ඇමති කබිනෙට්ටුවේදී ගැටෙයි. appeared first on Lanka News Column.
0 Comments