Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිට්ලර්ගේ සොහොයුරා ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා පැවැත්වුවද තමා කිසිවිටක එවැනි දේ කරන්නේ නැහැ -රනිල් කියයි.

udayanga- weerathunga

මිග් යානා ගණුදෙනුව  සහ  පසුගිය  රාජපක්‍ෂ පාලන සමයේ  සිදුවූ  දුෂණ වංචා  ගණනාවක සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින මහින්ද  රාජපක්ෂ  පවුලේ  ඤාතියෙකුවන  රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට කිසිවෙක් මැදිහත් වීම අවශ්‍ය නොමැති බවත් ආණ්ඩුව යොදා ඇති වැඩපිළිවෙළ අනුව ජාත්‍යන්තර පොලිසිය එම වරෙන්තුකරු අල්ලා වහාම මෙරටට භාර දීමට කටයුතු යොදා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. උදයංග වීරතුංග සමඟ අදටත් සමීප සම්බන්ධතා පවත්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහු මෙරටට ගෙන්විමට බාධාවක් තිබිය නොහැකි යැයිද අගමැතිවරයා පවසයි.

අගමැති වික්‍රමසිංහ  මේ බව  කියා ඇත්තේ    පැවති  අමාත්‍ය  මණ්ඩල  රැස්වීමෙන් පසු ඇමැතිවරුන් සමඟ කළ කතාබහකදීය.

උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සුදානම් බවත්  එම  නිසා  මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්  මෙරටට ගෙන්වීමට අගමැතිවරයා ක්‍රියා කළ යුතු බවට  මහින්ද  රාජපක්ෂ  කර ඇති ප්‍රකාශයක් පිළිබඳව  අමාත්‍යවරුන් අගමැතිවරයාගේ අවධානයට ‍ලක් කර  ඇත.උදයංග වීරතුංග සැඟවී සිටි මුළු කාලය තුලදීම ඔහු සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධතා පැවැත්වූ නිසා උදයංග මෙරටට ගෙන්වීමට රාජපක්ෂ ට හැකියාව ඇතත් අර්ජුන් මහේන්ද්‍රන්  තනතුරෙන් ඉවත් වීමෙන් පසු ඔහු සමඟ තමා කිසිදු සබඳතාවක් නොපැවැත්වු නිසා ඔහු මෙරටට ගෙන්විමට තමාට හැකියාවක් නොමැති බව අගමැතිවරයා මෙහිදි සඳහන්  කර  ඇත.හිට්ලර්ගේ සොහොයුරා ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා පැවැත්වුවද තමා කිසිවිටක එවැනි දේ නොකරන බවද අර්ජුන් මහේන්ද්‍රන්  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු තමා ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොතිබු බවද අගමැතිවරයා අවධාරණය  කර  ඇත. නමුත් අර්ජුන් මහේන්ද්‍රන්  මෙරටට ගෙන්විම සඳහා නීත්‍යානුකූලව පියවර ගෙන ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .

The post හිට්ලර්ගේ සොහොයුරා ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සබඳතා පැවැත්වුවද තමා කිසිවිටක එවැනි දේ කරන්නේ නැහැ -රනිල් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();