ජාතික ළමාරක්ෂක අධිකාරියේ, ප්‍රාදේශිය ළමාරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්‍ෂණයක් මඟින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු පිළිබද කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන් විසින්ද විමර්ශනයක් කිරිමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. මේ පිළිබදව සුදුසුකම්ලාභීන් විසින් සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් සුදුසුකම්ලාභීන්ගෙන් සමන්විත 116 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුව සමග දේශපාලන හස්තයක් විසින් සකස් කරන ලද 66 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවද සමග ඔම්බුඩ්ස්මන් වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ෂණය සිදුකරන බව සඳහන් වේ.
මෙම කරුණ පිළිබදව ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක වූ මරිනිද ලිවේරා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමකද කරුණු දක්වා ඇතැයිද පැවසේ.
The post ළමාරක්ෂක දේශපාලන පත්වීම් පිළිබඳව ඔම්බුඩ්ස්මන් ගෙන් පරීක්‍ෂණයක්. appeared first on Lanka News Column.
0 Comments