මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න පවසා ඇත. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද තම මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා ලැබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා පවසා ඇත්තේ , ‘‘පොදු ජන පෙරමුණේ ඉන්නෙත් අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කළ උදවිය බවත් ඒ නිසා අපිට එක මතයකට එන්න අසීරු වුණේ නැති බවත්ය. එමෙන්ම ඉදිරියේදී මේ ආණ්ඩුව වෙනස් කරන්න පොදු වැඩසටහනක් යටතේ කටයුතු කරන්න තීරණය කළ බවත් මේ සාකච්ඡාවෙන් ඔවුන් අතර තිබුණු විරසක බව නැති වුණු බවත් දැන් දෙපාර්ශ්වයටම එකට කටයුතු කරන්න පුළුවන් බවත් පවසා ඇත. එමෙන්ම අමාත්‍යධූර අත්හැරලා විපක්ෂයට ආපු දවසේ ඉඳලා හිටියේ විපක්ෂයේ බවත් මෙච්චරකල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ විශ්වාසයෙන් කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
The post 16 කණ්ඩායම හා පොහොට්ටුව එක ගමනක. appeared first on Lanka News Column.
0 Comments