Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි ජනපතිවරණයේත් ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රී

ඇමැති දුමින්ද දිසානායක

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (21) කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුවදුක් විමසීම සඳහා උන් වහන්සේ ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහි දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් දුමින්ද දිසානායක ඇමැතිවරයා-

ප්‍රශ්නය- ඇමැතිතුමා කොහොමද ස්වාමීන් වහන්සේ?

- උන්වහන්සේ හොඳින් ඉන්නවා.

ප්‍රශ්නය -ඔබතුමා පසුගිය දිනක ප්‍රකාශ කළා ඥාණසාර හාමුදුරුවෝ සිකුරාදා වෙනකොට නිදහස් කරගන්න හැකියාවක් තිබෙයි කියා?

- ඒ පිළිබඳ මම හිතන්නේ නීතිය ඉදිරියේ කටයුතු වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා.

ප්‍රශ්නය- ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළාද මේ සම්බන්ධයෙන්?

-මම හිතන්නේ නීතිය ඉදිරියේ බලාපොරොත්තු වෙන සහනය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය - 16 කණ්ඩායම මාධ්‍ය හමුවක් තියලා කියනවා ඔබතුමන්ලා නොයෙක් විහිළු කතා කියනවා කියලා

-නෑ අපි නම් කිසිම විහිළු කතාවක් සපයලා නෑ. අපි විශේෂයෙන්ම 16 කණ්ඩායම ගැන කතා කරලත් නෑ. එතුමලා මාධ්‍යයට ඉදිරිපත් කරපු සහ මාධ්‍යයෙන් ඉදිරිපත් කරපු කරණා ඔබතුමාලා අපි යන යන තැනින් හමු වුණාම අහලා තමයි අපි ඒ පිළිබඳ කමෙන්ට් එකක් දීලා තියෙන්නෙ. එහෙම නැතිව 16 දෙනාගේ කණ්ඩායම පිළිබඳ අපි කිසිම තැනක මතක් කරලාවත් නෑ.

ප්‍රශ්නය- ස්වාමීන් වහන්සේ නමක් පවසනවා මිල්ටරි පාලනයකින් ඇවිත් හරි හිට්ලර් කෙනෙක් වගේ ඇවිත් හරි ගෝඨාභය රාජපක්ෂ මහතාට කියනවා මේ රට භාරගන්න කියලා. මොකක්ද ඔබතුමාගේ අදහස මේ ගැන?

-ඒක ස්වාමීන් වහන්සේගේ පුද්ගලික බලාපොරොත්තුවක් වෙන්න ඇති. රටේ සමස්ත ජනතාවගේ බලාපොරොත්තුව මොකක්ද කියන එක 2015 ජනවාරි මාසේ 08 වැනිදා ඔප්පු වුණා. රටේ බුද්ධිමත් ඒ වගේම තරුණ සමාජය අති බහුතරයගේ බලාපොරොත්තුව මොකක්ද කියන කාරණය පෙනුණා. ඒ අනුව අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තිබෙනවා. ඒ වගේම නිදහසේ ජීවත්වීමේ අයිතිය ලැබිලා තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය ලැබිලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ භුක්ති විඳින වරප්‍රසාදවල වටිනාකම සමහරකුට තේරෙන්නේ නැහැ. නිකම්ම ඒ දේ ලැබුණම ඒ ගැන අගයක් නැහැනෙ. මම හිතන්නේ මේ රටේ ජනතාව ප්‍රර්ථනා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස්, සාමකාමී රටක්.

ප්‍රශ්නය- 16දෙනාගේ කණ්ඩායම කියන්නේ මධ්‍යම කාරක සභාවෙන් එකඟ වුණාලු ඔබතුමාලා ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. නමුත් ඔබතුමාලා නෙමේ එතුමන්ලා තමයි ඉවත් වුණේ.

- නැහැ මධ්‍යම කාරක සභාවෙන් එහෙම කිසිම තීරණයක් ගත්තේ නැහැ. ඒ කණ්ඩායමේ එක නියෝජිතයෙක් යෝජනාවක් කියෙවුවා. ඒ යෝජනාව ඒ කණ්ඩායමේ එක පුද්ගලයකු විසින් ස්ථිර කළා. ඒ නැතුව මධ්‍යම කාරක සභාවේ සියලුදෙනාගේ කැමැත්ත හෝ ඡන්ද විමසීමක් කළේ නැහැ. ඒ නිසා ඒක මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් නෙමේ. මධ්‍යම කාරක සභාව ආණ්ඩුවත් එක්ක ඉන්නවද නැද්ද කියන එක ඉතාමත් බරපතළ තීන්දුවක්. එවැනි තීන්දුවක් ගන්නකොට මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡාවක් පවත්වලා, වාද විවාද පවත්වලා, අදහස් ප්‍රකාශ කරලා එහෙම් තමයි අපි තීන්දුවක් ගන්නෙ. නැතුව මධ්‍යම කාරක සභාවේ කාටහරි වුවමනාවකට කොළයක් කියෙවුවා කියලා, ඒක ස්ථීර කළා කියලා ඒක මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් බවට පත්වෙන්නේ නැහැ.

ප්‍රශ්නය- ඔබතුමාලගේ 23 දෙනා 16 දෙනාට බයවෙලා ඉන්නවා කියලා තමයි ඩිලාන් පෙරේරා කිවුවේ?

- ඇයි අපි එයාලට බය වෙන්නෙ.

ප්‍රශ්නය- ඔබතුමන්ලලු දැන් කකුල දෙපැත්තේ තියන් ඉන්නේ. එතුමන්ලා නම් දැන් තීන්දුව තීරණය අනුව එකට ආවලු.

- නැහැ අපි ඉතාමත් පැහැදිලිව අපේ 23 දෙනාම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂාකයා මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා කියනකොට අපිද කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නෙ. අපි මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක ඉන්නවා. හැබැයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා කියන අය ද කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ. වෙනත් පක්ෂයක අපේක්ෂකයෝ කියන අය ද කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ. අපි ශ්‍රීලනිපයේ නම් අපේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් අපි නොබියව කියනවා ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන වර්තමාන ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. හැබැයි ඒ අය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක ඉන්නවා කියාගෙන ඊළඟ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන කෙනා තමයි ජනාධිපති අපේක්ෂකයා කියා කියනවා. රටේ ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්නේ 23 දෙනාගේ කණ්ඩායමද නැත්නම් 16 දෙනාගේ කණ්ඩායම ද කියන එක.

ප්‍රශ්නය- ඔබට යළිත් අභියෝග කරනවා පුළුවන් නම් ඡන්දෙන් දිනලා එන්න කියලා.

- ඒක තිබෙන්නෙ 2020. එතකොට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාටත් බලාගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවටත් බලාගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාටත් මම ආරාධනා කරනවා ජාතික ලැයිස්තුවෙන් පත්වෙන්නේ නැතුව මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න කියලා. මම අභියෝගයක් නෙමේ කරන්නෙ. මම එතුමාට ප්‍රාර්ථනාවක් කරනවා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නොවී පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරීපත්වෙලා එන්න කියා.

ප්‍රශ්නය- දැන් 16 දෙනා ප්‍රසිද්ධියේම ගිහින් මහින්ද රාජපක්ෂ ගොඩේ වැටිලා ඉවරයි. මොකක්ද ඉදිරියේ දී මේ වෙනුවෙන් මධ්‍යම කාරක සභාවේ දී ගන්න තීරණය?

- මම හිතන්නෙ මධ්‍යම කාරක සභාවේ දී ගන්න තීරණය අපි එළියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. පසුගිය කාලය පුරාවටම අපිට ඇතැම් විට පක්ෂය එකතැනක තියා ගන්නත් බැරි වුණේ මාධ්‍ය මැදිහත් වුණ නිසා. හැබැයි අපි මධ්‍යම කාරක සභාවේ දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා කතා කරන්නෙ නැහැ. අපි ඉතාමත් බුද්ධිමත් සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කරනවා ගේ ඇතුළේ කතා කරන දේ එළියේ කතා කරන්න එපා කියා. හැබැයි පරිනතයි කියන සමහර දේශපාලනඥයෝ කරන කතා බහ තුළ මාධ්‍යයෙන් මේවා එළි වුණාම සමාජයේ එය ප්‍රශ්නයක් බවට පත් වුණාම මාධ්‍යයෙන් මේක විමසුවාම අපිට උත්තරයක් නොදී සිටීමට බැරි වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා දැන් මේ සෙල්ලම ඇති. මේක තවත්වමු. පක්ෂයේ අභ්‍යන්තරයේ කතා කරපු දේවල් අපි අභ්‍යන්තරයේ සාකච්ඡා කරමු. එළියට කියන්න ඕන දේ අපි සියලු දෙනාම ඒකමතික වෙලා එක දෙයක් ප්‍රකාශ කරමු. එහෙම නැතිව අපේ මේ ප්‍රශ්නය තුළ වෙනත් කණ්ඩායම් තමයි ජයග්‍රණය කරන්නෙ. ඒ අයගේ අවශ්‍යවතාව තමයි ඉෂ්ට වෙන්නෙ. ඒ නිසා දැන් මේ වැඩේ ඇති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();