සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ උදය කුමාර හෙවත් පොඩි පෝල්ට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම පනවා ඇති බවය වාර්තා වේ. ඒ ඔහු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී ඔහු වරදකරුවකුවීම නිසාය. මෙසේ මරණ දඬුවම් ලැබූ අය සංවිධානාත්මක අප අපරාධ කල්ලියක ප්‍රධන පෙලේ සමාජිකයෙකු වන අතර ඔහුට විරුද්ධව තවත් නඩු රාශියක් ඇති බව වාර්තා වේ. ඒ මනුෂ්‍ය ඝාතන කිරීමට තැත් කිරීම, අවි ළඟ තබා ගැනීම යන චෝදනාවලටය. 2001 ඔක්තෝම්බර් 13 වන දින රත්ගම පල්ලිපිටියේදී ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවකට මෙම තීන්දුව ලැබී ඇත.
The post පාතාල අපරාධකරුට මරණ දඬුවම. appeared first on Lanka News Column.
0 Comments