රුපියල් 5000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බකමූණ විදුලි උපකාර්යාලයට අයත් කාර්යාල කාර්ය සහයකවරයෙකු, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු ඉඳිකරමින් පවතින නිවසට නීතිවිරෝධීව විදුලිය ලබාගෙන ඇති බව දන්වා එය නීති මඟින් කටයුතු නොකර සිටීමටත් නිවසට අවශ්‍ය විදුලිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු ප්‍රමාදයකින් තොරව කරදීමට රුපියල් 5000ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.
The post අල්ලස් ගත් විදුලි කාර්යාල සහයකවරයෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.
0 Comments