එළඹෙන ජනාධිපතිවරණයට තරඟකරනවාද නැද්ද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැටළුවකට මැදිවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
එමෙන්ම දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම වැනි ජනාධිපතිවරයාට සමීප ඇමතිවරුන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි කීවත් ජෝන් සෙනෙවිරත්න, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත වැනි ඇයගේ මතය වී ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේනට නැවත ඡන්දයකින් ජනපති විය නොහැකි බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද අපේක්ෂකයෙකු ස්ථිර ලෙසම ඉදිරිපත් වන පසුබිමක ඔහුගේ පරාජය ස්ථිර බවත් ඔවුන්ගේ මතය වී ඇතැයිද සඳහන් වේ.
මෙම තත්වය හමුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සහ පොරොන්දු වූ ජනතා ඉල්ලීම් කඩිනමින් ඉටුකට නැවත ජනතා ප්‍රසාදය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ඔහුගේ සමීපතමයන් යෝජනා කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post මීළඟ ජනාධිපතිවරණය – ජනපතිගේ තීරණය කුමක් වෙයිද? appeared first on Lanka News Column.
0 Comments