Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ක්‍රිකට් ධන උල්පතක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා සංසරණයවන මුදල් අනෙකුත් ක්‍රීඩා සංගම්වලට වඩා විශාල පරතරයක් ඇති බවත්, එය විශාල ආදායමක් ලබන ක්‍රීඩා සංගමයක් බවත් ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෘත්තිකයන් අනෙකුත් ක්ෂේත්‍රවල ඉන්න වෘත්තිකයන්ට වඩා විශාල ආදායමක් ලබන බවත් එම තත්ත්වය අනෙකුත් ක්‍රීඩා සංගම් ඇතිකර ගත යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසූවේ ක්‍රීඩා විද්‍යා ආයතනයේ ක්‍රීඩා කළමණාකරණ ඩිප්ලොමා පාඨමාලාව හැදැරූ ක්‍රීඩා නිලධාරීන්ට ඩිප්ලොමා සහතික බෙදා දීමේ උත්සවයේදීය. එම උත්සවය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“අද ලෝකයේ ක්‍රීඩාව යන දිශාව බලලා එයට ගැලපෙන පරිදි දක්ෂ පුහුණුකරුවන් බිහිකිරීමට අප අවස්ථාව උදාකර ගත යුතුයි. ඒ අවශ්‍යතාවය සඳහා බිම් මට්ටමේ හා ගම් මට්ටමේ වෙනසක් ඇති කිරීම වැදගත්. අපේ ක්‍රීඩා පුහුණු නිලධාරින් සඳහා ඇති පාඨමාලා තුළින් උසස් මට්ටම් සහතික ලබා ගැනීමට හැකිව තිබෙනවා. ඒ අනුව ක්‍රීඩාවට වෘත්තීය මට්ටමේ ප්‍රවණතාව ලැබෙනවා. ලෝකයත් එක්ක ඉදිරියට යන්න ක්‍රීඩාව තුළින් අපට හැකියි. ඒ සඳහා කැපවී වැඩ කිරීම වැදගත්” ඇමැතිවරයා පැවැසීය.

“අද ක්‍රීඩාව හා තාක්ෂණය අතර විශාල සම්බන්ධතාවක් තිබෙනවා. ඒ නිසා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය නව මුහුණුවරකින් ගමන් කළ යුතුව තිබෙනවා. අපි අතීතයේ ක්‍රීඩා කළේ සහෝදර බැදීම දියුණු කර ගන්න. අද අපි පිළිගත යුතු කරුණක් තමයි ක්‍රීඩකයෝ ක්‍රීඩාවේ වෘතිකයන් වෙලා. ඒ නිසා අද ක්‍රීඩාව කරන්නේ දිනන්න. පරාජයට වැඩි කැමැත්තක් නෑ. මේ වෙනසත් එක්කම අද ලෝකයේ ක්‍රීඩාවට විශාල මුදලක් යොදවනවා. ඒක හොඳ අයෝජනයක්. රැකියාවක් ලෙස අද ක්‍රීඩාව තුළින් විශාල පිරිසක් යැපෙනවා. අපේ ක්‍රීඩාවත් එවැනි වෘත්තීය මට්ටමට ගෙන යෑම අපේ අරමුණ විය යුතුයි” ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගිය දා ආසියාව ජයගත් කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රටට සම්පතක් බවත් ඔවුන් රැක ගැනීමේ වැඩ පිළිවෙළක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ක්‍රීඩා විද්‍යා ආයතනයේ ක්‍රීඩා කළමණාකරණ ඩිප්ලොමා පාඨමාලාව හැදැරූ ක්‍රීඩා නිලධාරීන් වෙනුවෙන් ආරාධිත දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බී. එල්. එච්. පෙරේරා මහතා පැවැත්විණි. මේ අවස්ථාවට වැඩබලන අමාත්‍යාංශ ලේකම් එස්. ඩී. ඩී. ඒ. බොරලැස්ස, අමාත්‍යාංශ අතිරේක ලේකම් එන්. ඩී. අබේරත්න ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();