ජනපති අවධාරණය කරයි
රාජ්‍ය බැංකුවලින් ලබන ලාභවලින් කොටසක් දේශීය ව්‍යවසායකයන් නඟාසිටුවීම සඳහා ලබාදීමේ අරමුණින් ණය යෝජනා ක්‍රම 15ක් වශයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරෙනු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
පිටරටින් නවීන දැනුම, තාක්ෂණය සහ උපදේශනය අවශ්‍ය නමුත් දේශීය ව්‍යවසායකයා සතු ශක්තිය සහ අත්දැකීම් පිළිබඳ විශ්වාස තැබිය යුතු බව පැවැසූ ජනාධිපතිවරයා ව්‍යවසායකයන්ට රජය මගින් ලබාදිය හැකි ඉහළම අතදීම වන්නේ ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහ මූල්‍ය නොවන පහසුකම් සලසා දීම බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය. රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මේ වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර, ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, යෝජනා ක්‍රම 16කින් සමන්විත වන අතර, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2ක් ඒ තුළ අන්තර්ගත වේ.
මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5, 250ක් වෙන්කර ඇති අතර, එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂා කරයි.
සංකේතාත්මකව ණය පහසුකම් ප්‍රදානය කිරීම මෙහි දී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්,
අපේ රටේ අද දවසේ තිබෙන ආර්ථික ක්ෂේත්‍රයේ කරුණු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් ආර්ථික ක්ෂේත්‍රයේ විරැකියාව නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනය අපනයනය කර්මාන්ත සංවර්ධනය මේ කරුණු මුල්කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා එක් පැත්තකින් තවත් පැත්තකින් ගම්පෙරළිය මේ වැඩසටහන එළිදක්වන අවස්ථාව. මගේ මතකයේ හැටියට මීට මාස හත අටකට පෙර අගමැතිතුමනි අපි හමු වූ අවස්ථාවක දී රටේ ආර්ථිකය පිළිබඳ විවිධ සංවර්ධන ක්ෂේත්‍රයන් සම්බන්ධව කළ සාකච්ඡාවක් තුළ දී අපිට මතු වූ කාරණයක් තමයි ඊයේ පෙරේදා මාධ්‍ය තුළ පෙන්නුම් කළ රාජ්‍ය බැංකුවල විශාල ආදායමක් පෙන්නුම් කර තිබීම. රාජ්‍ය බැංකු සියයට සීයක් වාණිජ වෙනවාද රාජ්‍ය බැංකු සියයට සීයක් සේවා බැංකු වෙනවාද කියන කාරණාව විමසිල්ලට ගත යුතු කරුණක්. පෞද්ගලික බැංකු වාණිජ බැංකු බව පැහැදිලිව දන්නවා.
එහෙත් රටේ සංවර්ධනයේ දී රාජ්‍ය බැංකු සියයට පනහක් වාණිජ වීමත් සියයට පනහක් සේවා වීමත් වඩාත් සුදුසුයි කියන එකයි මගේ අදහස. රාජ්‍ය බැංකු විසින් පෙන්වන අසීමිත ලාභය සෘජුව ජනතාව තුළට යනවාද එහෙම නැත්නම් රාජ්‍ය වියදම්වලට එක්වී එය විවිධ ක්ෂේත්‍රයන් හරහා ආයෝජනය වීමේ දී එය කොතෙක් දුරට දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න පදනමක් වෙනවාද කියන කාරණය විමසිල්ලට ගතයුතු කාරණයක්. මට මතකයි එදා මේ ප්‍රශ්නය සාකච්ඡා කරන වෙලාවේ ප්‍රධාන වශයෙන් විරැකියාව අපේ ව්‍යවසායකයන් වඩාත් ශක්තිමත් කිරීම දිරි ගැන්වීම උනන්දු කරවීම සම්පත් ලබාදීම මූල්‍ය හා මූල්‍ය නොවන මේ කරුණු සාකච්ඡා කිරීමේ දී අපිට හෙළි වුණා එදා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු බැංකුවල ප්‍රධානීන් ඒ සාකච්ඡාවේ හිටියා.
ඒ සාකච්ඡාවේ දී අපි දැන ගත්තා ව්‍යවසායකයන් සඳහා අපේ රාජ්‍ය බැංකුවල මහ බැංකුව ඇතුළු ණය යෝජනා ක්‍රම සියයකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව. ඒ සියයකට ආසන්න ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් භාවය සම්බන්ධයෙන් ඉතා අල්පයි කියන එක අපේ සාකච්ඡාවේ දී මතු වුණා. ඒ නිසා රාජ්‍ය බැංකු විශාල ලාභයක් ලබනවානම් සෘජුවම සාමාන්‍ය පොදු ජනතාව අතරට ඒ ලාභයෙන් කොටසක් දේශීය ව්‍යවසායකයන් සඳහා ආයෝජනය කිරීම වැය කිරීම ඉතා වැදගත් කාරණයක් බව මෙහි දී අපි සාකච්ඡා වුණා.
එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ණය යෝජනා ක්‍රම සියයකට ආසන්න සංඛ්‍යාව මුදල් ඇමැතිවරයා අමාත්‍යංශය බැංකු සාකච්ඡා කරලා පහළොවකට එකතු කරලා ඒ ඇතුළට ඇතුළු කරලා ඒ පහළොවට විශේෂයෙන් හඳුන්වන ආකර්ෂණීය නම් කිරීමක් කරලා අද මේ රටේ තරුණ පිරිසට උගතුන්ට ව්‍යවසායකයන්ට මේ ණය යෝජනා ක්‍රමය අපි හඳුන්වා දෙන්නේ. මුදල් ඇමැතිවරයාගේ කතාවේ දී එතුමා පැහැදිලි කළා සියලුම බැංකුවල මේ ණය යෝජනා ක්‍රමය බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සඳහා විශේෂිත කවුළුවක් තිබෙනවා කියලා. ඒ සඳහා නිලධාරියකු නම්කරලා ඒ කටයුත්තට යොදවනවා කියලා එය ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් එය ඉතාමත් වැදගත් දෙයක්, ඉතාමත් හොඳ දෙයක්. එතනින් එහාට මේ විශාල ණය ප්‍රමාණය බිලියන හැටකට ආසන්න මුදලක් අපි ව්‍යවසායකයන්ට දෙනවා.
මේ ව්‍යවසායකයන්ට දීමේ දී ඔවුන් දිරිගැන්වීම මේ මුදල් ලබාගෙන ඔවුන්ගේ ව්‍යවසායන් අධීක්ෂණය කිරීම පසු විපරම් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වුණ රජය බලාපොරොත්තු වුණ අරමුණ මම හිතන්නේ නැහැ හරියාකාරව ඉෂ්ඨ වෙයි කියලා. බොහෝ වෙලාවට ව්‍යවසායකයන් මම කියන්නේ මගේ අත්දැකීමෙන් මමත් තරුණ කාලේ ඔය වගේ බැංකුවලින් ණය අරගෙන රස්සාවක් නැති කාලේ එවැනි ව්‍යාපෘති රාශියක් කරපු කෙනෙක් සමහර ඒවා සාර්ථක වුණා සමහර ඒවා අසාර්ථක වුණා. සමහර ඒවා සමත් වුණා සමහර ඒවා අසමත් වුණා. මේ මුදල් අපි ලබාදීම තුළ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්ත කෘෂිකර්මාන්තය වෙනත් වාණිජ අංශ නිවාස ණය වාහන ණය මේ සියල්ලම ගත් විට ඒ ලබා ගන්නා මුදල එම ව්‍යවසාය එම ව්‍යාපෘතිය සඳහාම වැය වෙනවාද, ඒ වගේම ඒ ව්‍යවසායකයා තමන් ඇලුම් කරන තමන් කැමැති වූ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහුගේ දැනුම කොතෙක් ද. අපි දන්නවා අපේ රටේ බොහෝ තරුණ පිරිස් නව පරපුරේ බොහෝ නිර්මාණශීලීයි. සිය කුසලතාවන් දැනුම අවබෝධය අත්දැකීම් සමඟ අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා.
ව්‍යවසායකයෙක් කියන්නේ සිය දැනුම අත්දැකීම නිර්මාණශීලීත්වය කුසලතාව සමඟ ස්වශක්තියෙන් නැඟී සිටින මිනිසෙක්. ඒ ස්වශක්තියෙන් නැඟී සිටින උගත් තරුණයාට නවකයාට රජය අතදීමක් තමයි මේ අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය නොවන සම්පත් ලබාදීම. අවිත් කාරණය තමයි අගමැතිතුමනි ව්‍යවසායකයන් කියන්නේ මේ තුළින් ණය යෝජනා ක්‍රම තුළ සියයට අනූවක් කෘෂිකර්මාන්තය කර්මාන්තය මුල්කරගත් නිෂ්පාදන ක්‍රියාවලියේ ව්‍යවසායකයන්. මේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳ පොළ සහතික වීම.
ඔවුන්ට සුදුසු ඇගයීමක් සමඟ වටිනාකමක් සමඟ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම භාණ්ඩවල නිෂ්පාදනයේ තිබිය යුතු ගුණාත්මක භාවය ප්‍රමිතිය වෙළෙඳ පොළ මිල ප්‍රමිතිය ඉතාමත් වැදගත් වෙනවා. මේක දේශීය කර්මාන්ත සඳහා ඉතාමත් වැදගත් වන කාරණාවක්. අපි අද කනගාටු වෙන්න ඕන සරුංගලෙත් පිටරටින් ගේනව. අපි පුංචි කාලේ කුඹුරට ගිහිල්ලා වෙල් යායට ගිහිල්ලා පුංචි උණ පදුරක් ළඟට ගිහින් ඒකෙන් පුංචි කෑල්ලක් කපාගෙන අයිනකට වෙලා සරුංගලේ හදනවා. අම්මගෙන් තාත්තගෙන් කීයක් හරි අරගෙන බොහොම අමාරුවෙන් පාට කොල ටිකක් ඉල්ල ගන්නවා බොහොම අමාරුවෙන් නූල් බෝලයක් ඉල්ලා ගන්නවා.
ඒක කොච්චර නිර්මාණශීලීද. ඒ වයසත් එක්ක කුඩා වයස තෘප්තිමත් ද ඒ තෘප්තිමත් භාවය සහ නිර්මාණශීලී භාවයත් එක්ක සමාජයට රටට අලුත් මිනිසෙක් බිහි වෙනවා අත්දැකීම් සමග. අද සරුංගලේ පිටරටින් ගේනවා. වෙසක් එකට පොසොන් එකට අපි කුඩා කාලේ වෙසක් එකට මාසෙකට කලින් ඉස්කෝලෙ යන කාලේ අපි පටන් ගන්නවා කූඩු හදන්න. අපි හවසට එකතු වෙලා කූඩු හදනව පන්තියේ ළමයි ටික ගමේ එක තැනකට එකතු වෙනවා. ගමේ පාසලේ මුල්ලකට වෙලා වෙසක් එකට කූඩු ටික හදනවා. අද ඒකත් පිටරටින් ගේනවා. අටපට්ටමත් පිටරටින් ගේනව වෙසක් එකට එල්ලන. ගොල්පේස් එකේ උඩ යන සරුංගලෙත් පිටරටින් ගේනවා. මේ විශාල ණය යෝජනා ක්‍රමයක් ඇති කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති කරලා කර්මාන්ත ක්ෂේත්‍රයේ දිරිදීමක් ඇති කරලා ව්‍යවසායකයන් ශක්තිමත් කරලා මේ තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් වනවා වගේම පුද්ගලයෙක් නැඟෙනවා වගේම තමාගේ ස්වශක්තියෙන් දැනුමෙන් ස්වොත්සාහයෙන් අධිෂ්ඨානයෙන් ජාතික ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දෙනවා.
මේ පුංචි නිෂ්පාදන තමයි හොඳට කළොත් වැඩේ හරියට හරි ගියොත් ගුණාත්මක භාවය ආවොත් ප්‍රමිතියෙන් හොඳ වුණොත් විදේශ වෙළෙඳ පොළට යවන්නේ. එහෙමනම් මේ ව්‍යවසායකයන් නිෂ්පාදනය කරන්නා වූ දේ හඳුනාගෙන බැංකුවෙන් ණය දෙනවා වගේම මුදල් අමාත්‍යංශය කර්මාන්ත අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂයෙන් ඒ අමාත්‍යංශවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් තිබෙන්න ඕන මේ නිෂ්පාදනය කරන දේට වෙළෙඳ පොළ මිල ගුණාත්මක භාවය ඒ සඳහා වර්ධනය වගේම මේ නිෂ්පාදනය කරන දේවල් පිටරටින් ගේනවානම් ඒවා වළක්වා ගැනීම සම්බන්ධව. නැත්නම් මේ දෙන ණයත් ඉවරයි ඔතනින් සමහර අය සිය දිවි නසා ගන්නත් පුළුවන්. මොකද මහන්සිවෙලා ණය අරගෙන හදලා වෙළෙඳ පොළක් නැහැ. ඒක පිටරටින් ගේනවා.
ඒ නිසා රටක් දියුණු වෙන්න ලෝකයේ දියුණු වූ සෑම ජාතියක්ම ස්වශක්තියෙන් ගොඩනැඟුනේ දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත දේශීයත්වය අගය කරමින්. අපිට පිටරටින් දැනුම අවශ්‍යයි තාක්ෂණය අවශ්‍යයි. පිටරටින් උපදේශන අවශ්‍යයි. නමුත් අපිට අපේ ජනතාවට තරුණ පරපුරට වගේ අනිත් විවිධ ක්ෂේත්‍රවල සිටින අයට සිය දැනුම ඥාණය අත්දැකීම් පරිනත භාවය වගේම කුසලතාව තිබෙනවා. මම ගිය සතියේ ගියා පුත්තලමේ කල්පිටියට. ශ්‍රී ලංකාවේ ඉතාම ආදර්ශවත් හොඳම ගොවීන් ඉන්නෙ කල්පිටියෙ දීර්ඝ කාලයක ඉදලා. දෙළුම්වල තිබෙන ගොවීන් කිවුවා අපි දැන් දෙළුම් කඩන්නේ නැහැ දෙළුම් පිටරටින් ගෙනැල්ල පුරවල මාකට් එකට. කෙසෙල් වවන ගොවීන් කිවුවා අපි දැන් කෙසෙල් වවන්නෙ නැහැ කෙසෙල් පිටරටින් ගෙනැල්ල වෙළෙඳ පොළ පිරිලා.
ඔබ දන්නව ලෝකයේ කිසිම රටක අපේ කෙසෙල් තරම් රසවත් කෙසෙල් නැහැ. අපේ තරම් වර්ග ලෝකයේ රටවල්වල නැහැ. ගියොත් අපි දකින්නේ එකක් දෙකක් විතර කන්න බැහැ දිය රහයි. නමුත් අපේ කෙසෙල් වර්ග මොනතරම් රසවත් ද සෞඛ්‍ය වශයෙන් විද්‍යාත්මක වශයෙන් පෝෂණ ශක්තිය පදාර්ථ මොනතරම් එහි ගුණාත්මක භාවයක් තිබෙනවාද. පිටරටින් ගෙනැල්ල කන කෙසෙල් හරියට බනිස් කනවා වගේ තමයි. ඒවායේ ඇති දෙයක් නැහැ. පෙනුම තිබෙනවා ලස්සනයි ඇතුළේ මුකුත් නැහැ. මම මේ කාරණාව කිවුවේ මේ ලොකු වැඩක් අපි ආණ්ඩුවක් විදියට කරන්නේ. මේ වැඩේ හරියට හරි ගියොත් රටක් විදියට ගොඩ. ඒ වගේම මේ ව්‍යවසායකයන් අපි අතරමං කළොත් වෙළෙඳ පොළ මිල දුන්නේ නැත්නම් අපනයනයට අවශ්‍ය මාර්ගය පෙන්නුවේ නැත්නම් මේ නිෂ්පාදන පිටරටින් ගලා එන්න දෙනවානම් මේ ණයත් නැහැ මේ ඔක්කොම ඉවරයි.
ඒ නිසා අපි රජයක් විදියට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද. මෙතන සිටිනවා විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් විශේෂඥයන් බැංකු ප්‍රධානීන් රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ව්‍යවසායකයන් අලුත් තරුණ පරපුර ඔබ අප බලාපොරොත්තු වන්නේ අප සියලු දෙනාගේම තිබෙන්නේ ඉතාමත් පවිත්‍ර වූ සාමූහික අරමුණක් වගකීමක් මේ රටේ ආර්ථිකය දියුණු කරන්න. මේ රටේ විරැකියාවට පිළියම් සොයන්න. අපි ඉතාමත් සතුටු වෙනවා මෙතන ඔවුන් ආදර්ශය පෙන්නුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනාගෙන තිබෙනවා. පිට රට ගිහිල්ලා අමෙරිකාවෙ ගිහිල්ලා සිය නිෂ්පාදන කරනවා. අපේ තරුණයන් ලෝකය ජයග්‍රහණය කරලා තිබෙනවා. ඉස්සෙල්ලා රට ඇතුළේ වෙළෙඳ පොළ ජයග්‍රහණය කළොත් ජාත්‍යන්තර වෙළෙඳ පොළට යන්න කිසිදු බාධාවක් නැහැ. ඒ අවශ්‍ය මඟ පෙන්වීම අපි කරනවා.
ඒ නිසා මම විශ්වාස කරනවා අපි ඉතාමත් යහපත් චේතනාවෙන් අගමැතිවරයාත් මමත් අපේ අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් බැංකු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය, කර්මාන්ත, කෘෂිකර්ම, ව්‍යවසායකත්ව සියලු අමාත්‍යංශ එකතු වෙලා සාකච්ඡා කරලා සදා ගත් වැඩපිළිවෙළේ නිසි ප්‍රතිඵලයක් ගන්න මම මේ කියු කරුණු සම්බන්ධයෙන් ඒ වැඩ පිළිවෙළ මේ වෙන විට සකස්වී තිබෙනවාද කියන එක මම දන්නේ නැහැ. සකස්වීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. අපි යම් යම් උත්සවවලට ගියහම මම සතියකට දෙකකට සැරයක් පොළොන්නරුවට ගියාම අපේ හස්ත කර්මාන්ත ශිල්පීන් අපේ විවිධ ව්‍යවසායකයන් ඇවිල්ලා කරන ඉල්ලීමක් තමයි ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ල අපි හදන බඩු ටික අපිට විකුණා ගන්න තැනක් නැහැ. අපිට නගරයේ තැනක් දෙන්න පාර අයිනේ තැනක් දෙන්න බඩු ටික විකුණා ගන්න. මේ ව්‍යවසායකයන්ට මේ ප්‍රශ්නය මතු වෙනවා.
ඒ ව්‍යවසායකයන්ට පිළියම් ඒ ණය යෝජනා ක්‍රමයත් එක්කම අවශ්‍ය වෙනවා. මෙය සැලසුම් කළ යුතු වෙනවා ණය ලබාගැනීම නිෂ්පාදන ක්‍රියාවලිය වෙළෙඳ පොළට යන අවස්ථාව. ඒ අවස්ථාව වෙන විට ඔහුට සුදුසු ස්ථානයක් ලබාදීම. ඒ නිසා මේ කරුණු මුල් කරගෙන අඩුපාඩු සකස් කරලා මේ වැඩපිළිවෙළ සකස් කිරීමට අපි රජයක් විදියට සියලු දෙනාම කැප වෙනවා කියන එක විශේෂයෙන්ම මේ රටේ ව්‍යවසායකයන්ට ව්‍යවසායකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා ඇති අයට විවිධ වෘත්තීය පුහුණුවල සිටින නව පරපුරට උගත් පරපුරට අපි ඒ පිළිබඳ පැහැදිලි ප්‍රතිඥාවක් දෙනවා. ඒ නිසා මේ වැඩසටහනත් ගම්පෙරළිය වැඩසටහන ප්‍රධාන වශයෙන් රටේ භෞතික සම්පත් සංවර්ධනය පුළුල් වෙනසක් පරිවර්තනයක් ඇති කරන බව මා දන්නවා.
පසුගිය අවුරුද්දේ අපේ රජය මගින් ආරම්භ කළ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනත් මේ සතියේ සිට ආරම්භ වන ගම්පෙරළියත් ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයත් මේ ව්‍යාපෘති තුළ මේ රටේ ආර්ථිකයේ සංවර්ධනයේ විශේෂයෙන්ම බලාපොරොත්තු තැබූ ජාතියක් ලෙස ඉදිරියට යන්න ගොඩ නැඟෙන්න සංවර්ධනයේ සියලු ක්ෂේත්‍ර ජයග්‍රහණය කරන්න ඉතාමත් ප්‍රමුඛ වූ ව්‍යපෘති තුනක්. මේ ව්‍යාපෘති තුනේ සාර්ථකත්වය සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින්,
රටේ ජනතාවට ණයක් දෙන්න තියා රටේ ණය ගෙවන්න බැරි වුණ කාලයක් තිබුණත් අද අපි ජනතාවට තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්න ණය දෙන එන්ටර්ප්‍රයිස් ලංකා වැඩසටහන දියත් කරනවා. මේ සමඟ ගමට සංවර්ධනය ගෙනියන්න අපි ඒ වගේම තවත් වැඩසටහන් කිහිපයක් ගම්පෙරළිය හැටියට ක්‍රියාත්මක කරනවා. ආයෝජකයන් මේ රටට ගේන්න අද අපි ව්‍යාපාර රැසක් ඇති කරලා ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජනය ගිය අවුරුද්දේ අපිට ලැබුණා. වැඩිම ඒ වගේම වැඩිම අපනයනය ගිය අවුරුද්දේ ලැබුණා.
එහෙමනම් අද මේ ව්‍යාපාර ඇති කිරීම අපේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම රැකියා ඇති කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය පෙන්වනවා. 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති හැටියට දිවුරුම් දෙන අවස්ථාවේ දී අපේ රටේ ණය ගෙවන්නවත් රජයේ ආදායම මදි වුණා. වැඩ කටයුතු කරන්න මුදල් තිබුණේ නැහැ. ඒත් ආර්ථික කළමනාකාරීත්වයෙන් ඒ වගේම මුදල් නියම ලෙස පරිහරණයෙන් අපේ 2015 අය-වැයේ ඉදන් මේ රටේ ආදායම වැඩි කිරීමෙන් අපිට අමාරුවෙන් හරි මේ ණය ගෙවන වැඩසටහන ආරම්භ කරන්න පුළුවන් වුණා. අපේ රටේ අනෙක් වැඩකටයුතු සඳහා ඒ වගේම මුදල් ලබා ගත්තා. මේ ආර්ථික ස්ථාවර භාවය අපි ඇති කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවයක් මදි රටේ සංවර්ධනයක් ගෙනියන්න. ආයෝජකයෝ වුවමනායි. ඒ වගේම අපිට අපනයනය වුවමනායි. මේ හැම එකටම වඩා මුදල් පරිහණය වුවමනායි.
ජනතාවගේ අතේ මුදල් තිබෙන්නට වුවමනායි. මේ අවස්ථාවේ දී ආර්ථිකය දියුණු වෙනවා ආර්ථිකය ස්ථාවර භාවයකට එළැඹෙනවා ඒ පැත්තෙන් විදේශ, දේශීය විශාල ව්‍යාපාරිකයන්ට ආයෝජනය ඇති කරන්න දිරි ගන්වන අවස්ථාවේ දී ඒ වගේම මේ රටේ දක්ෂකම් ඇති ශක්තිය තිබෙන ජනතාවටත් ව්‍යාපාර ආරම්භ කරන්න ව්‍යවසායකයන් බිහි කරන්න අපි අත දෙන්න තිබෙනවා. අන්න ඒ සඳහා තමයි ආර්ථිකය විශාල ලෙස දියුණු කරන්න මේ අලුත් වැඩසටහන ආරම්භ කළේ. මට මතකයි අපි පොඩි කාලේ සමුපකාර සමිතියේ ශාඛාවල කඩ දෙක තුනයි 1978 විවෘත ආර්ථිකය ආරම්භ කළාට පස්සේ කඩ සාප්පු ගණන රටේ වැඩි වුණා. හැම තැනම දැන් කඩසාප්පු ඇති වෙලා තිබෙනවා. එදා කිරිබත්ගොඩ තිබුණේ කඩ පේළියයි අද විශාල නගරයක්. එදා නුගේගොඩ මහනුවර තිබුණේ කඩ පේළියයි අද විශාල නගරයක්. මේ කුඩා ව්‍යාපාරිකයන් තමයි විශේෂයෙන්ම ආර්ථිකයක් ගෙනියන්නේ. කුඩා ව්‍යාපාරිකයන් තමයි මේ රටේ ආර්ථිකය මෙහෙයවන්නේ, ඔවුන් නිසයි ආරථිකය රදා පවතින්නේ.
අපේ රටේ ජනතාවට ඒ ව්‍යාපාර ශක්තිය තිබෙනවා. අපේ රටේ ජනතාවට ඒ ව්‍යාපාර ගෙනියන්න පුළුවන්. පණ්ඩුකාභය රජතුමා රජරට පාලනය අරගෙන පළමු වතාවට මාන්තොට තිරියාය ගෝකන්න එකතු කිරීම වැනි අපේ නැව් ප්‍රතිගත කිරීමේ මධ්‍යස්ථාන පටන් ගත්ත කාලේ සිට අපේ රටේ ජනතාවට ඒ හැකියාව තිබුණා. ඒ වෙළෙඳාම අපේ උරුමයේ කොටසක් රට ඇතුළේ වෙළෙඳාමෙන් රටින් පිට වෙළෙඳාමෙන්. එදා අපි ඒක කළා එදා අපි දියුණු කළා. අන්න එහෙම ඒ හැකියාව අගය කිරීම තුළින් ආර්ථිකය දියුණු වෙන්න ආර්ථීකය විවෘත වෙන්න අපි හිතන්නෙ නැති අලුත් මාර්ග මේ ප්‍රදේශවල අරඹන්න. අවුරුදු හතළිහකට ඉස්සර වෙලා කවුද හිතන්නේ තොරතුරු තාක්ෂණය එක්ක මෙතරම් කර්මාන්ත ඇති වෙන්න පුළුවන් කියල. අවුරුදු 40කට ඉස්‍සරවෙලා අපේ ගම්වල කේටරින් සමාගමක් දාන්න පුළුවන් කියල හිතුනද. මේ කොළඹ නගරයට සීමා වුනා අනිත් තැන්වල තිබුණේ නැහැ. හැම තැනම දැන් විශාල දියුණුවක් ඇති වෙලා හැමතැනම අලුත් වැඩසටහන් බිහි වෙලා. අපේ ව්‍යවසායකයන් අලුතෙන් හිතනවා අලුතෙන් ක්‍රියාත්මක කරනවා.
ඒ අය සඳහා මුදල් ඇමැතිවරයා මේ ලබා දී තිබෙන අලුත් වැඩසටහන් ගැන අපි එතුමාට ප්‍රශංසා කරන්න ඕන. මේ රටේ මධ්‍යම හා සුළු කර්මාන්ත සඳහා මීට ඉස්සෙල්ලත් වැඩසහන් තිබුණා. ඒත් අපි හැම එකක්ම ගිය අවුරුද්දේ පරීක්ෂා කළා. මේ අවුරුද්දේ ප්‍රගතිය බැලුවාම බොහොමයක් යන්නේ වුවමනා කරන තැනට නෙමෙයි. බොහෝ දෙනෙක් ණය ඉල්ලුවත් ඒ ණය ලැබෙන්නේ නැහැ. ඒ දක්ෂකමින් අපිට ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒ දක්ෂකමින් ඉදිරියට යන්න බැහැ. පොළිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෙ ප්‍රයෝජනය අරගන්න සංඛ්‍යාව ඒ වගේම අඩු වෙනවා. එහෙනම් මේ එන්ටර්ප්‍රයිස් ලංකා වැඩසටහන අපේ මුදල් ඇමැතිවරයා සකස් කරලා තිබෙන්නේ මේ කණ්ඩායමට අලුතෙන්ම. ඒ නිසා මේ ව්‍යාපාරය ආරම්භ කළා විතරයි ඒක සාර්ථක වෙන්න ඒ වුවමනා කණ්ඩායම්වලට මේක ලැබෙනවා කියලා අපි මාසෙන් මාසේ පරීක්ෂා කරලා බලලා විශේෂයෙන්ම වාර්තා කළ යුතු වෙනවා.
මේ සමඟම මේ ව්‍යාවසායකයන් දියුණු කරන අවස්ථාවේ ගමට ඒ වගේම සංවර්ධනය ඊළඟ මාස 18 විශාල සංවර්ධන කටයුතු ගණනාවක් තිබෙනවා ගමේ ආර්ථිකය දියුණු කරන්න. මහා මාර්ග තවත් ශක්තිමත් කරන්න අනෙක් පොදු පහසුකම් ලබා දෙන්න මේ සමගම අලුත් ගමට ආකර්ෂණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මීළඟ මාස 18 ඒ අලුත් වැඩසටහන් ශක්තිමත් කරන්න ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් අපි ඉදිරියට ගෙනියනවා. එහෙමනම් අතීතය දිහා අවුරුදු තුන හතරක් එහා බැලුවාම එදා අනාගතයක් තිබෙනවාද කියන ප්‍රශ්නයට අද අපි පිළිතුරක් දී තිබෙනවා. එහෙමනම් ඒකට අලුත් තවත් ශක්තියක් දෙන්න මුදල් අමාත්‍යංශයේ මංගල සමරවීර මහතා ආරම්භ කරපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සුබ ප්‍රාර්ථනා කරමින් එයට සහභාගී වන ව්‍යාපාරිකයන් සියලු දෙනාම සාර්ථක ව්‍යාපාරිකයන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ අදහසක් අනුව ආරම්භ කරපු මේ ඒන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට මගේ අමාත්‍යංශයේ සම්පූර්ණ සහයෝගය ආශිර්වාදය ලබාදෙනවා. මංගල සමරවීර ඇමැතිවරයා දීර්ඝ විස්තරයක් කෙරුවා මේ වැඩසටහන ගැන. ග්‍රාමීය පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මට කියන්න තිබෙන්නේ මේ බැංකු ක්ෂේත්‍රය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ පැවතුනාට විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ණය බරතාව අද දරාගන්න බැරි තත්ත්වයට මෝරලා තිබෙනවා.
අද අපේ රටේ සාමාන්‍ය ජනතාව බැංකුවට යනවාට වඩා ණය ගන්න යන්නේ ගමේ පොලී මුදලාලි ගාවට. අද අපේ ගම් මේ පොලී මුදලාලිලා තමන්ගේ ග්‍රහණයට අරන් ඉවරයි. අපි යන හැම තැනම අපිට කියන්නේ අපිට බැංකුවකට ගිහිල්ලා සාධාරණ පොලියකට ණයක් ගන්න පුළුවන්නම් අපි මේ පොලී මුදලාලිලාගේ ග්‍රහණයට හසුවෙන්නේ නැහැ කියලා. සියයට තිස්පහක, සියයට හතළිහක, සියයට පනහක මට මතකයි මැතිවරණ කාලේ උඩුදුම්බර ප්‍රදේශයට ගිය වෙලාවේ කාන්තාවෝ පොලී මුදලාලිගෙන් සිදුවන අතවර ගැන අපිට දැනුම් දුන්නා. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ග්‍රාමීය ව්‍යවසායකයන් ඇති කිරීමට ඒ වගේම ග්‍රාමීය කාන්තාවන් මේ ග්‍රහණයන් මුදා ගන්න බැංකුවේ අරමුණ ඉෂ්ඨ වෙනවද කියන එක ගැන අපි අවංකවම කල්පනා කරන්න ඕන.
මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන්, රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල උසස් නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - නිරෝෂ් බටේපොල සහ
ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments