Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් රටවල් 10ක් කොළඹට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

වියදමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රු. ලක්ෂ 75ක්

ආසියා අභියෝගීතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 15 සිට 22 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව, මොන්ගෝලියාව, සෞදි අරාබිය, ෆීජී, මැලේසියාව, ඩුබායි, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, ඉරාකය හා හොං කොං යන රටවල් මෙම තරගාවලියට එක්වෙති.

ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවන අතර එම පළමු තරගාවලියේදීම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ආසියානු වොලිබෝල් සම්මේලනය පිරිනැමීම විශේෂත්වයකි. මේ තරගාවලිය සංවිධාන කිරීම වෙනුවෙන් වියදම්වන මුදලින් රුපියල් මිලියන 7.5ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදී ඇති බව අප කළ විමසීමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා පැවැසීය.

ආසියානු වොලිබෝල් සම්මේලනය ප්‍රධාන තරගාවලි දෙකක් හඳුන්වාදී ඇති අතර ආසියාවේ හොඳම වොලිබෝල් කණ්ඩායම් අට ආසියා කුසලාන තරගාවලියට හා අනෙක් කණ්ඩායම් 10 ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියට ක්‍රීඩා කරති.

ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයන් හා අනු ශූරයන් ප්‍රධාන තරගාවලිය වන ආසියානු කුසලාන තරගාවලියට උසස්වන අතර ආසියා කුසලාන තරගාවලියේ හත්වැනි හා අටවැනි ස්ථාන වලට පත්වන කණ්ඩායම් දෙක ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය දක්වා පහතට වැටීම නව ක්‍රමය අනුව සිදුවේ.

මේ තරගාවලියේ ශූරතාව හෝ අනු ශූරතාව ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ දිනා ගතහොත් ආසියාවේ පළමු කණ්ඩායම් අට අතරට පිවිසීමේ අවස්ථාව උදා වනු ඇත. මේ තරගාවලිය පැවැත්වීමේ වැදගත්කම හා ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ආසන්න ඉලක්කය ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට උසස්වීම බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවැසීය. එබැවින් කොළඹදී පැවැත්වෙන ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියේ සත්කාරකතවය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ඒ මහතා පැවැසීය.

තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව සමග මැලේසියාව හා ෆීජී ක්‍රීඩා කරන අතර ‘බී’ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, සෞදි අරාබිය හා හොංකොං කණ්ඩායම්, ‘ සී’ කාණ්ඩයෙන්, ඩුබායි, බංග්ලාදේශය, උස්බෙකිස්තානය හා ඉරාකය තරග මබිමට පිවිසෙති.

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආසියා අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය වෙනුවෙන් සර්බියානු ජාතික පුහුණුකරු යටතේ පුහුණු කටයුතු සිදුකරමින් සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();