Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැලණිය පුදබිමේ රණවිරුවන් සිහිකිරීමේ විශේෂ පහන් පූජාවට ජනපතිත්

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද විශේෂ පහන් පූජාවක් පෙරේදා (19) රාත්‍රියේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක් විය.

වසර 30 ක යුදමය වාතාවරණය නිමා කරමින් අප රටට සාමය උදාකරදීමට යුද බිමේදී අභිත රණවිරුවකු ලෙසින් තම ජීවිතය පූජා කළ හා අතුරුදන් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 23,962 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් 1160 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 443ක්, ශ්‍රී ලංකා පොලිසියේ 3118ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 459 දෙනකු වූ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් එක් රණවිරුවකු වෙනුවෙන් එක් පහනක් බැගින් පහන් 29142ක් දල්වමින් මේ විශේෂ පහන් පූජාව සිදුකරන ලදී.

ජනාධිපති විසින් මහා සංඝරත්නය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව හේවිසි නාද මාධ්‍යයේ විශේෂ ගිලන් පස පූජාවක් ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මියගිය රණවිරු පවුල්වල ඥාතින් පහන් දැල්වීමට එක්වූහ.

අනතුරුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකොට මියගිය රණවිරුවන් වෙත පින් පැමිණවීම සහ ආබාධිත රණවිරුවන් ඇතළු සේවයේ නියුතු සියලු රණවිරුවන් වෙත ආශිර්වාද පළ කිරීම සිදු කළහ.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් ද පැවැත්වීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් පිරිසක් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();