Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගර්භනී ගුරුවරියන් සඳහා නව නිල ඇදුමක්


ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකළ ත්‍රිකුණාමලය නාලන්දා විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල ද පසුගිය දා විවෘත කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතිනි. 
එම උත්සවය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පරිපාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දැනට 98 ක්ව පවතින දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල ගණන ඉදිරියේ දී 200 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
සෑම අධ්‍යාපන කලාපයක් සඳහාම ගුරු සංචිතයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවත්,අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ කාර්යක්ශමතාව වැඩි කිරීම එහි අරමුණ බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
එමෙන්ම ගර්භණි ගුරුවරියන් සඳහා විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();