එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස් සමත්වූවා. නේපාල් වෙලාවෙන් අද අළුයම 5.55ට මෙලෙස ජොහාන් පීරිස් එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වී තිබෙනවා.
මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කළා.
2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට ඔක්සිජන් නොමැති වීම හේතුවෙන් මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවූවා.
අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වූවා.
මීට පෙර 2012 වසරේදී නේපාලයේ ‘අයිලන් පීක්’ කන්ද තරණය කිරීම සඳහා සහභාගි වූ පස්දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙන්ම සාර්ථකව කන්ද තරණය කළ දෙදෙනාගෙන් අයෙක් වීමත් විශේෂත්වයක්.


from Gossip Lanka News & Video https://ift.tt/2IZiQWo
via internet

0 Comments