ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
එරට වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තියවේදින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඔවුන් ඉතා ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.


0 Comments