Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැරී - මේගන් විවාහයට රැජිණගෙන් අවසර

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මේගන් මර්කල්ගේ විවාහයට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.
 
ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට සතියක් තිබියදීයි.
 
බ්‍රිතාන්‍ය නීති ප්‍රකාරව හැරී – මෙගන් විවාහය සිදුකිරීමට නම් රැජිණගේ නිල අනුමැතිය ලබා ගත යුතු වන අතර එසේ නොවුව හොත් ඔවුන් දෙදෙනාගේ දරුවන් , රජකමට උරුමකම් කීමට සුදුසුකම් නොලබනු ඇත.
 
කිසිදු බාධාවකින් තොරව අදාළ අනුමැතිය මහරැජිණගෙන මෙම යුවළට ලැබී ඇති බව වාර්තා වේ.
 
එම අනුමැතිය රැජිණ විසින් අතින් ලියන ලද ලිපියක් ඔස්සේ මාර්තු 14වනදා ලබා දී තිබේ. නමුත් එය සම්ප්‍රදායානුකූලව ප්‍රසිද්ධ කරනුයේ විවාහයට සතියක් තිබියදී ය.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();