Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිවරණයේ දී ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ලීවේ ට්‍රම්ප්මයි

මං අස්සන් කළා විතරයි-ට්‍රම්ප්ගේ හිටපු දොස්තර කියයි

ඇමෙරිකා ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් කර ගනු ලබන අතිශයින් නිරෝගී පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් වනු ඇති බවට ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ වෛද්‍ය වාර්තාව ඔහු විසින්ම ලියා ගත් එකක් බව ට්‍රම්ප් ගේ හිටපු වෛද්‍යවරයා අනාවරණය කරයි. ඔහු විසින් ලියා ගන්නා ලද එම වාර්තාවට තම අත්සන තැබූ බව වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන් පවසයි.

2015 ඇමෙරිකා ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වැදුණ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවදියේ පුදුමාකාර විශිෂ්ට මට්ටමේ ශරීර සෞඛ්‍යයකින් පසු වෙන බව එහි සඳහන් විය. ඊට අමතරව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය සහ ඔහුගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයන්හි ප්‍රතිඵල පුදුමය දනවනසුලු ඉහළ මට්ටමක පවතින බව ඉහත කී වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

තව ද ඔහු පිළිකා වැනි ව්‍යාධියකින් නොපෙළෙන බවත් වයස අවුරුදු දහයේ දී උණ්ඩුක පුච්ඡය ඉවත් කරනු ලැබීම හැරුණ විට වෙනත් කිසිදු ශල්‍ය කර්මයකට භාජනය කර නැති බවත් එම වාර්තාව තහවුරු කරයි.

එම වෛද්‍ය විශ්ලේෂණය ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේ වෛද්‍ය විශේෂඥයන් එහි අන්තර්ගත භාෂා රටාව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නමුත් එය තමා විසින් ලියන ලද බව වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන් තරයේ කියා සිටියේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();