රත්තරන් නීති විරෝධී අන්දමින් රටින් පිටකිරීම වැළැක්වීම සඳහා දැඩි නීතිරීති මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව උකස් කළ රන් ආභරණ වෙන්දේසිවලදී තොග වශයෙන් මිලදී ගැනීම් පිළිබඳව තොරතුරු මහ බැංකුව වෙත ලබා දෙන්නැයි බලපත්ලාභී බැංකු වෙත උපදෙස් ලබා දී තිබේ.
බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උකස් කරන රන් ආභරණ වෙන්දේසිවලදී තොග වශයෙන් ලබාගෙන හොර රහසේ පිටරටවලට යැවීමේ ජාවාරමක් සිදුවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රන් තොග වශයෙන් මිලදීගෙන එක්රැස් කරගන්නා තොරතුරු තමන්ට වාර්තා කරන ලෙස සියලුම බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් ලබා දී ඇතැයි 2017 වාර්ෂික වාර්තාවේ දැක්වේ.
0 Comments