Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හොරණ බිංගිරිය මාවතගම නිදහස් වෙළෙඳ කලාප 3ක්

 

ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් නව රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය කිරීම සඳහා නව නිදහස් වෙළෙඳ කලාප තුනක් පිහිටුවීමට රජය තීරණය කරයි.

ඒ අනුව හොරණ මිල්ලනිය, බිංගිරිය සහ මාවතගම ප්‍රදේශයන්හි මෙම නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ පිහිටුවන නිදහස් වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අවධානය කරයි.

ඇමැතිවරයා ඒ බව සඳහන් කළේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ දී ඊයේ (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ නිදහස් වෙළෙඳ කලාපය තායිලන්තයේ රොජානා සමාගම සමඟ එක්ව ආයෝජනය කෙරෙන අතර එහි කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

2002 වසරින් පසුව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කර නොමැති අතර බිංගිරිය ප්‍රදේශයේ පිහිටුවන නිදහස් වෙළෙඳ කලාපය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බවද ඒ වෙනුවෙන් අක්කර 400ක පමණ භූමියක් වෙන් කර තිබෙන බවද සඳහන් කළ මලික් සමරවික්‍රම මහතා මාවතගම යෝජිත නිඳහස් වෙළෙඳ කලාපය වෙනුවෙන් අක්කර 165ක ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවද සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා පෙන්වා දුන්නේ මිල්ලනිය ප්‍රදේශයේ පිහිටුවන නිඳහස් වෙළෙඳ කලාපයේ කටයුතු මේ වන විට සිදු වන බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත්ය. මෙම වෙළෙඳ කලාපයේ ඇතුළත සියලු කටයුතු රොජානා සමාගම විසින් සිදු කළ යුතු වන අතර ඊට අමතරව මෙරටට ආයෝජකයන් ගෙන්වා ගැනීමේ වගකීම ද එම සමාගම විසින් බාරගැනීම ශ්‍රී ලංකාවට විශාල වාසිදායක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ දැවැන්ත ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට නව රැකියා අවස්ථා දහස් ගණනින් නිර්මාණය වන බව පෙන්වාදුන් ඒ මහතා තායිලන්ත සමාගම විසින් විශාල වගකීමක් දැරීම හේතුවෙන් දැවැන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පැවසීය.

මහින්ද අලුත්ගෙදර සහ සඳුන් රමේෂ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();