Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව රැකියා අවස්ථා බිහි කිරීම ගැන ආසියානු බැංකුව සමඟ ඇමැති මංගල සාකච්ඡාවක

මැනිලා හි පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 51 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වන මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ මස 04 දා ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන ඉන්-චාන්ග් සොන්ග් මහතා සමඟ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ ඒ.ඩී.බී වැඩසටහන රටේ ආර්ථිකය වර්ධනය කිරීම හා ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන්ම දුගී, කාන්තා, ළමයින් හා අනෙකුත් අවදානම් කණ්ඩායම් සඳහා ණය, ප්‍රදාන සහ තාක්ෂණික සහාය ලබා දී ඇත.

1966 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති අතර, 2017 දෙසැම්බර් 31 වැනි දින වන විට ඩොලර් බිලියන 9.1 ක ණය ආධාර, ප්‍රදාන සහ තාක්ෂණික සහාය සඳහා අත්සන් කර ඇත.

2015 ජනවාරියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් පිහිටුවා ඇති රජය, යහපාලනය සහ පෞද්ගලික අංශ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඉදිරි වසර 5 තුළ ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන සංවර්ධන අරමුණු රැකියා නිර්මාණය කිරීම, ආදායම් වැඩි දියුණු කිරීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, දැනුම ගොඩනැගීම සහ ආර්ථික විවිධාංගිකරණය (අපනයන සංවර්ධනය ඇතුළුව) සඳහා දායක වනු ඇත.

ආසියානු සංවර්ධන බැංකු සම්මේලනයට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග සහ අයවැය දෙපාර්තමේන්තුවේ සහ ඊ. ආර්. ඩී හි ජ්‍යෙෂඨ නිලධාරීහු සහභාගි වූහ.

මැයි මස 4 වන දින ආසියානු සංවර්ධන බැංකුවේ 51 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව පැවැති CNBC Global හි සජීවීව සාකච්ඡාවට එක් වූ සාමාජිකයින් සිව් දෙනා අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද විය. ඊට එක් වූ අනෙක් පිරිස වූයේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාවෝ මහතා, කික්ස්ටාර්ට් වෙන්චර්ස් හි සභාපති මිනේට් නවරේට් මහතා සහ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබඳ යුරෝපීය බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ නන්දිත පර්ෂාඩ් මහතා ය.

මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන්ම නව රැකියා අවස්ථා පිළිබඳව මෙන්ම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳවද අවධානය යොමු කෙරුණි. රොබෝ විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය නව ක්ෂේත්‍රයන් ලෙස හදුනා ගෙන ඇති නමුත් ගෝලීය රැකියා වෙළෙඳපොළ නූතන ඉල්ලීම් වලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමෝපායන් පාලනය කිරීමට වඩා හොඳ අධ්‍යාපනයක් සහිත, හොඳින් පුහුණු වූ තරුණයින්ට මෙම වෙනස්කම් වලට හැඩගැසීමට හැකි වනු ඇති බවට ඔවුහු එහි දී එකඟතාව පළ කළහ.

ක්‍රිසන්ති විතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();