Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිලිනොචිචිය නිසල කල දහම් අමාව

සම්බුදු තෙමගුල සිහිපත් කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු කිලිනොචිචිය දහම් අමාව වෙසක් කළාපය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි අති උත්කර්ෂවත් අන්දමින් අවසන් විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ කිලිනොච්චි අතිරේක දිසාපති, එස්. එස්. සත්‍යශීලන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වෙසක් කලාපය විවෘත කෙරිණ.

වෙසක් අසිරිය වර්ණවත් කරමින් පහන් කුඩු ප්‍රදර්ශණය, වෙසක්  බැති ගී පැවැත්වු අතර, දැක බලා ගැනිම සදහා සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ජාති, ආගම් බෙදයන්ගෙන් තොරව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනය  වෙත පැමිණ සිටි අතර, යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබු බත් දන්සල සදහා ද පැමිණ සිටි සිවිල් වැසියන් සහභාගි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ කිලිනොච්චි සිවිල් ආරක්ෂක බළකාය විසින් වෙසක් කළාපය අලංකාරවත් කිරිම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 57වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස්, ඉදිරි නඩත්තු ප්‍රදේශ ආඥාපති බ්‍රිගේඩියර් ඉන්දජිත් විද්‍යානන්ද, 66වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර්  දිප්ති ජයතිලක,  බළසේනංකාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අධික්ෂණය යටතේ  කිලිනොච්චි යුද හමුදාව විසින්  මෙම වෙසක් කළාපය සංවිධානය කරනු ලැබිය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();