රොෂාන් රණවන නම කිව්වත් රූපය දුටුවත් කටහඩ ඇහුවත් ඒ කව්ද කියලා හැමෝම දන්නවා. ඒ වගේම නිර්මාණ සදහා සහභාගී නොවුණත් ඔහුගේ ආදරණිය බිරිද කුෂ්ලානි ජනප්‍රියයි. මේ ඇය ගැන පුවත්පතක පළ වූ ලිපියක්…
ආදරය කරන කාලේ
අපි අවුරුදු එකොළහක් ආදරය කරල විවාහ වුණේ. අපි මුලින්ම යාළු වෙන කොට එයා ක්ෂේත්රයට ඇවිල්ලත් නැහැ. ඒ කාලේ ඉඳන්ම එයා හරිම අවංකයි. ඒ අවංක කමම තමයි තාම තියෙන්නේ. තාමත් ආදරය කරපු කාලේ හිටිය රොෂාන්ම තමා ඉන්නේ. ගොඩක් අය කියනවා කසාද බැන්දම හිටපු කෙනා නෙවෙයි වෙන කෙනෙක් ඉන්නෙ කියලා. ඒත් මම හිතන්නේ එයාම තමයි මට නම් තාම ඉන්නේ.
සැමියෙක් විදියට
මම තමයි ලෝකෙ ඉන්න වාසනාවන්තම බිරිය. මොකද මමත් කාර්යබහුලයි. මට එයාගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. මොකද එයාගෙ තියෙන තේරුම් ගැනීම මත තමයි අපි දෙන්නගේ බැඳීම රඳා පවතින්නේ. එයා මට දෙන සහයෝගය දැක්කම මට ස්වේච්ඡාවෙන්ම වැඩ කරන්න හිතෙනවා. මං මහන්සි වෙන තරමටම එයත් මහන්සි වෙනවා. මං වැඩක් කරනකොට ළඟට ඇවිත් ඉන්නවා. ලෙඩ වුණාම ළඟට ඇවිත් ඉන්නවා, මට සාත්තු කරනවා.
සාමාන්‍ය ජීවිතයේ රොෂාන්ගේ චරිතය
ගෙදර දී සමගිය කියන දේ තියාගන්න, ඒ වගේම සතුටින් ඉන්න එයා හරිම කැමැතියි. අපි දෙන්නට අපි දෙන්නගේ ප්‍රශ්න නැහැ. වෙන වෙන දේවල් ගැන තමයි ප්‍රශ්න. එයා ස්වභාවයෙන්ම හරිම නිවුණු චරිතයක්. ඒ වගේම තමයි ගෙදර ඉද්දි හරිම විහිළු කෙනෙක්.
රොෂාන්ගේ විශේෂ පුරුදු
දවසකට තේ පහක් විතර බොනවා. තව දෙයක් තමයි මොකක්හරි බඩුවක් ගත්තහම ඒ ගත්ත බඩුව එතැනින්ම තියන්න ඕන. ගෙදර පිළිවෙළට තියෙන්න ඕන.
රොෂාන්ගේ කැමැතිම ගති ලක්ෂණය
මම ජීවිතේ දැකපු අවංකම කෙනා තමයි රොෂාන්. කොහේ හරි යන්න බැරි වුණහම අපි වෙන වෙන හේතු කියනවනේ. ඒත් එයා එහෙම නෑ. ඇත්තටම හේතුව කියනවා. තේ එක වුණත් රහ නැත්නම් රහ නෑ කියල කියනවා. ඒ වගේම තමයි එයා අනිත් කෙනාගෙනුත් ඒ අවංකකම බලාපොරොත්තු වෙනවා.
රොෂාන් කරන වැඩවලින් ආසම නැති දේ.
හැම එකටම උදවු කරන්න එන එකට තමයි ආස නැත්තේ. එහෙම හැම එකකටම උදවු කරන්න එනකොට වාතයක් වෙනවා.
රොෂාන්ට තරහක් ආවම.
එයාට තරහ යනවා ගොඩක් අඩුයි. මොකක්හරි අසාධාරණයක් වුණොත්, මිනිස්සුන්ගෙ කෙළෙහිගුණ නැති වුණහම එහෙම තමයි කේන්ති යන්නේ. එහෙම වුණාම මාත් එක්ක කියනවා. කවදාවත් කෑ ගහන්න යන්නෙ නෑ. කොහෙ හරි තැනක එහෙම වුණොත් මට කතා කරල කියනවා.
විලාසිතාවලට තියෙන කැමැත්ත
විලාසිතා වුණත් එයාට ගැළපෙනව නම් විතරයි කරන්නේ. ඒ වගේම තැනට සුදුසු විදියට අඳින්න ඕනේ කියලා තමයි එයා නිතරම කියන්නේ. ට්‍රෙන්ඩ් එකට විලාසිතා කරන්නේ නෑ. හැබැයි අලුත් විලාසිතාවක් ආවොත් තමන්ට ඒක ගැළපෙනව නම් එයා ඒක කරනවා.
රොෂාන්ට නැතුවම බැරි අය
නිතරම පවුලෙ අයත් එක්ක ඉන්න කැමැතියි. හැමදේම නැති වුණත් ගෙදර අය ඉන්නව නම් ඒ ඇති කියල තමයි රොෂාන් කියන්නේ.
ළඟම යාළුවෝ
රොෂාන් ක්ෂේත්රයේ හැමෝම එක්ක සුහදශීලීයි. රංගනය එයාගේ වෘත්තිය නිසා වෘත්තිය මට්ටමේ ගොඩක් සම්බන්ධතා තියෙන්නේ. ඒ වගේම පෙර පාසලේ ඉඳන්ම ඉන්න යාළුවෝ තමයි අදටත් ඉන්නේ. සමහර අයත් එක්ක තියන යාළුකම් මං ඉපදෙන්නත් කලින් ඉඳන් පටන් අරං තියෙන්නේ.
කාන්තා ආකර්ෂණය
ඉස්සර ඉඳන්ම රොෂාන්ට කාන්තා ආකර්ෂණය තිබුණා. බැන්දට පස්සෙ ඒක අඩු වෙනවා කියලා කට්ටිය කියනවා. ඒ වුණත් මට පේන විදියට ඒකෙ වෙනසක් නෑ. තාම එයාට කාන්තා ආකර්ෂණය තියෙනවා. කාන්තාවක්ද, පුරුෂයෙක්ද කියලා වෙනසක් නෑ. ඒ ආදරේම මිනිස්සු මටත් දක්වනවා. ඒ අතින් මං හරිම වාසනාවන්තයි
අනිත් අය නොදන්න රොෂාන් ගැන දන්න රහස්
රොෂාන් හරිම ෆන් කෙනෙක්. හැබැයි හැමෝම හිතන්නේ එයා බෝරින් කෙනෙක් කියලා. මටත් එයා ගැන කට්ටිය කියන්නේ “අයියෝ රොෂාන් ඔහේ ඉන්නවා ඉඳගෙන පැත්තකට වෙලා” කියලා. ඒ වෙලාවට මම කියනවා ගිහිල්ල කතා කරන්න කියලා. හැබැයි ගොඩක් අය කියන්නේ ෆිට් වුණාම එයා හරිම ජොලි කෙනෙක් කියලා
from Gossip Lanka News & Video https://ift.tt/2rdRe50
via internet
0 Comments