ඉන්ධන සහනාධාරය නිසි ක්‍රමවේදයක් අනුව ධීවර ප්‍රජාවට ලබා දීම ඉදිරි දෙසතිය තුළ දී සිදුවීමෙන් පසු ඔවුන්ට අඛණ්ඩව සහන මිලටම භූමිතෙල් ලබා ගන්නට හැකි වනු ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.
මැයි 10 දා සිට වන පරිදි මෙම ඉන්ධන සහනාධාරය ඔවුනට හිමි වනු ඇති බවත් ඒ වන තෙක් මෙම ධීවරයින් නව මිල ගණන් යටතේ ඒ සඳහා වැය කරන අතිරික්ත මුදල යළි ඔවුනට ගෙවීමට මුදල් අමාත්‍යංශය යෝජනා කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි. පිටත එන්ජින් සවි කළ ධීවර යාත්‍රා භාවිතා කරන ධීවරයින් 24,282 ක් මේ යටතේ ප්‍රතිලාභ ලබනු ඇත.
මෙම ක්‍රමවේදය හඳුන්වාදීටමන් පසුද ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය අඛණ්ඩව ,ලබා නොදෙන අය වේ නම් වහාම තමන්ට දැනුම් දෙන ලෙස ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි. රාජ්‍ය අමාත්‍යතුමා සදහන් කළේ ධිවර සහ සමෘද්ධි සහනාධාර හිමි ජනතාවට ලබාදෙන සහනාධාරය අඛණ්ඩව ලබාදෙද්දී ජනතාව මුලාකිරීමේ කුඨ වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වන බවයි. ඒ නිසා එවැනි උපක්‍රම වලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සමස්ත ධිවර ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි. ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ,භූමිතෙල් අව භාවිතය වැළක්වීම සදහා එලෙස තෙල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි.
බොහෝ බස් සහ ලොරි වැනි බර වාහන ඩිසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරන බවටත් එමගින් පරිසරයට විශාල හානියක් වන බවටත් රජයට පැමිණිලි රැසක් ලැබී තිබු බවත් , එය පාලනය කිරීම උදෙසා මෙලෙස භූමිතෙල් මිල රුපියල් 57 ක් වැනි මුදලකින් ඉහළදැමුවා මිස ජනතාව පිඩාවට පත්කිරීමේ කිසිදු අදහසක් රජයට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. එනිසා ධිවර ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන්කරයි. මෙම භූමිතෙල් සහනාධාරය විදිමත්ව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබදව වහා ධිවර අමාත්‍යංශය මැදිහත්ව අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද දිලිප් වෙදආරච්චි අවධාරණය කළේය .


0 Comments