Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආපදා තත්ත්වයන්ට සූදානම්ව සිටින්න

නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේ දී ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා සූදානම්ව සිටින්න යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දිසාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, ගම්පහ, මහනුවර, පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්කයන් හි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බැව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබිණි.

නිසි පරිදි වැසි ජලය බැස නොයාමෙන් මාර්ග යටවීම, ගංවතුර ගැලීම, පස්කඳු කඩාවැටීම්, නායයෑම් හා අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ තම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසත් ජල ගැලීම්වලට හසු වන පුද්ගලයන් බේරා ගැනීම සඳහා බෝට්ටු සූදානම් කරගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නේය. ස්වභාවික ආපදා නැවැවීමට හැකියාවක් නොමැති බැවින් ජීවිත හානිවීම වළක්වා ගැනීම හා දේපළ හානි අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර ගන්නා ලෙසත් සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු ආපදා අවස්ථාවල දී ක්‍රියාත්මක විය යුතු නිලධාරීන් ද මේ ගැන දැනුම්වත් කර තබන ලෙසත්ද අමාත්‍යවරයා දැනුම් දී තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();