Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තාජ් මහල්: ආරක්ෂාවට අධිකරණය ඉදිරිපත් වෙයි

ලෝක උරුමයක් මෙන්ම, ලෝකයේ පියකරු නිර්මාණ අතර මුල් තැනක් හිමිකර ගනු ලබන 'තාජ් මහල්' මන්දිරයේ වර්ණ රැක දීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත්ව සිටියි.

"අවශ්‍ය විශේෂඥයන් සිටියදීත් ඔබ ඉන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් ලෙසයි කටයුතු කරන්නේ," යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 'තාජ් මහල්' මන්දිරය දුර්වර්ණ වීම සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුවට දෝෂාරෝපණය කළේය.

විදේශීය උදව් ලබා ගනිමින් හෝ 'තාජ් මහල්' රැක ගන්නා ලෙසත් අධිකරණය ආණ්ඩුවට උපදෙස් දී තිබේ.

17 වන ශතවර්ෂයේ දී ෂා ජහාන් මෝගල් අධිරාජයා විසින් අග්‍රාහි 'යමුනා' ගංගා තීරයේ ඉදි කරවන ලද ප්‍රේමයේ ස්මාරකය ධවල වර්ණ කිරි ගරුඬින් සහ වෙනත් වස්තූන් යොදා ගනිමින් නිමවා ඇති අතර, පසුගිය කාලයෙහි කහ පැහැගත් එහි බිත්ති මේ වනවිට දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පවතී.

පරිසර දූෂණය, ඉදිකිරීම් සහ කෘමි වසුරු අපද්‍රව්‍ය එම විනාශයට බලපාන හේතු අතර දැක්වෙයි.

(බී.බී.සිය ඇසුරෙනි)

'තාජ් මහල්'වෙනුවන් යමුනා ගංගාව පිරිසිදු කරන ශිෂ්‍යයන් කණ්ඩායමක්

කිරි ගරුඬ කිලිටි කරන කෘමි වසුරු

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();