Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැයි 12 තෙක් අවදානම් කාලයක්

No automatic alt text available.

කලකට පෙර, එනම් හරියටම ජනවාරි මස 30වැනිදා අද පුවත්පත තුළින් අපි සූපර් මූන් උදා වීම සහ එදින සිදුවු චන්ද්‍රග්‍රහණය පිළිබද කතාකළා ඔබට මතක ඇති. එයින් දෙසතියකට පසුව හටගත් පූර්ණ සුර්යග්‍රහණය පිළිබදවත් කතා කළා. ඒ සිද්ධි දෙකම අළලා අප එදා කියා සිටියේ සුපර් මූන් හා චන්ද්‍රග්‍රහණයේ ආසන්න ප්‍රතිඵල වශයෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශ සහ ආසියානු කලාපයේ ජලවිපත් සහ භූ චලන මාලාවක් හටගත හැකි බවයි.

ඒ කී ලෙසම ආසියානු කලාපයේ ඇමරිකාව සහ ඊට ආසන්න කලාපයේ ජලය ආශ්‍රිත වැසි සහ හිම කුණාටු යනාදිය හටගෙන ස්වභාවික ව්‍යවසන හටගත හැකි බව පුරෝකතනය කළා. යටකී ආසන්න කාලය පිරික්සන විට එකී පුරෝකතන වලින් 90෴ක් පමණ සෑබෑ වී ඇතිබව ඔබට පෙනෙන දෙයක්. පසුගිය ජනවාරි 30 වැනිදා හටගත් චන්ද්‍රග්‍රහනයේ බලපෑම ජුලි මස අග භාගය දක්වාම පවතින බවත් එහි ප්‍රධානතම උත්තේජනය හට ගන්නේ අධික වර්ෂාව, ජල ගැලීම් සහ සාගර ආශ්‍රිත භූ චලන ආශ්‍රිතව බවත් එදා අප පූරෝකකතනය කළා. ඒ අනුව පසුගිය අප්‍රේල් 29දා උදා වු වෙසක් පුර පොහොයත් සමගම ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකට අධික වර්ෂාව, ජල ගැලීම් ආශ්‍රිත ස්වභාවික විපත් බහුල කාලපරිච්ජේදයක් සක්‍රීය වී ඇති බව ටොලමියානු ශක්ති චක්‍ර සංයෝගයෙන් හා ජ්‍යාමිතික භූ සිතියම්වලින් පෙනේ; විශේෂයෙන්ම අප්‍රේල් 30 සිට ආරම්භ වු කාල පරිච්ඡේදය මැයි මස 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, යන දිනවල කැපී පෙනෙන ලෙස සක්‍රීය වෙනවා. මැයි මස 5,6,7, 8 යන දින ඒ අතරින් වඩාත් කැපී පෙනෙනවා.

සමස්තයක් වශයෙන් ගත්කළ ශ්‍රී ලංකාව ඉන්දියාව බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියාවත් චීනය ජපානය ඇතුළු ආසියාවත්, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයත් යනාදී වශයෙන් ලෝකයේ රටවල් ගණනාවකින් ඉහත කී දිනවල අධික වැසි, වැසි කුණාටු, ජල ගැලීම්, අසාමාන්‍ය හිම පතනයන් යනාදිය ජන ජිවීතයට හානි දායක වන අයුරින් ඉස්මතු විය හැකි ශක්ති සංයෝග හටගන්නවාමෙහි ප්‍රතිඵලයක් වශයෙන් දිගු කලක් වර්ෂාව රහිතව ඉඩෝරයට බදුන්ව තිබු ප්‍රෙදේශ රැසකට වර්ෂාව ලැබෙනවා පමණක් නොව අනෙක් ප්‍රෙද්ශවලට දරාගත නොහැකි තරමේ අධික වර්ෂාවක් සහ ගංවතුර නාය යෑම් වැනි තත්ත්වයන් මතු වෙයි. මේ වන විට පවතින ග්‍රහාචාරය සැලකිල්ලට ගත් කල්හී එයද එතරම් යහපත් අයුරින් පවතින බව නොපෙනේ. මෙ හෙයින් ජිවීත සහ දෙපළ එකී ස්වභාවික විපත්තීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වගාබලා ගත යුතුව තිබේ.

අපේ ලංකාව එකී ශක්ති සංයෝග චක්‍රයේ මධ්‍ය ලක්ෂය නොවන හෙයින් එහි ආසන්න හා උග්‍ර බලපෑමක් අපේ රටට එල්ල නොවන නමුත් මෙහි අවදානම් පරාසය අයත්වන රටවල් වලට ශ්‍රී ලංකාවද ඇතුළත්වන බව අමතක නොකළ යුතුයි. මේ නිසා ඉදිරියට එළඹෙන මැයි 12 දක්වා වු කාලයට අවතක්සේරු නොකළ යුතුයි.
මැයි සමස 12වැනිදා වන විට මෙකී ස්වභාවික ව්‍යසන මාලාවේ එක් උච්ච අවස්ථාවක් පහව යන නමුත් නැවත මැයි මාසයේ මැද භාගයේ සිට පෙරටත් වඩා වියරු කැලඹුණු ස්වභාවයකින් ජල විපත් හට ගැනීමට ඉඩක් තිබේ. ටොලමියානු ශක්ති චක්‍ර අධ්‍යයන කිරීමේදී පෙනීයන අනෙක් සැලකිය යුතු කාරණය වන්නේ මැයි 2වැනිදා සිට නොවැම්බැර් මස 6 වැනිදා දක්වා වු සමස්ත කාලයම ස්වභාවික විපත් අධික වර්ෂාව, ගංවතුර, නාය යෑම, පිපිරිම් සහ ගිනිගැනීම් ආදිය පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ තවත් රටවල් ගණනාවක සමාජමය හා දේශපාලන ගැටුම් මෙන්ම ඒවා නිසා හටගන්නා වු ජිවීත හා දෙපළ හානිද විශේෂයෙන්ම හදිසි අනතුරු, කැරලි කෝලාහල යනාදියෙන් ජිවිත හා දේපළ තර්ජනයට ලක්වන වාතාවරණයක් උද්ගත වන නමුත් පාලක පාලිත දෙපක්ෂයම එකී තත්ත්වය මැනවින් සැලකිල්ලට ගෙන හානිය අවම කර ගැනීමට උත්සුක වීම මැනවී.අවදානම් රටවල්වලට ශ්‍රී ලංකාවද ඇතුළත්වන බව අමතක නොකළ යුතුයි. මේ නිසා ඉදිරියට එළඹෙන මැයි 12 දක්වා වු කාලයට අවතක්සේරු නොකළ යුතුයි.

මැයි සමස 12වැනිදා වන විට මෙකී ස්වභාවික ව්‍යසන මාලාවේ එක් උච්ච අවස්ථාවක් පහව යන නමුත් නැවත මැයි මාසයේ මැද භාගයේ සිට පෙරටත් වඩා වියුරු කැලඹුණු ස්වභාවයකින් ජල විපත් හට ගැනීමට ඉඩක් තිබේ. ටොලමියානු ශක්ති චක්‍ර අධ්‍යයන කිරීමේදී පෙනීයන අනෙක් සැලකිය යුතු කාරණය වන්නේ මැයි 2වැනිදා සිට නොවැම්බැර් මස 6 වැනිදා දක්වා වු සමස්ත කාලයම ස්වභාවික විපත් අධික වර්ෂාව, ගංවතුර, නාය යෑම, පිපිරිම් සහ ගිනිගැනීම් ආදිය පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ තවත් රටවල් ගණනාවක සමාජමය හා දේශපාලන ගැටුම් මෙන්ම ඒවා නිසා හටගන්නා වු ජිවීත හා දෙපළ හානිද විශේෂයෙන්ම හදිසි අනතුරු, කැරලි කෝලාහල යනාදියෙන් ජිවිත හා දෙපළ තර්ජනයට ලක්වන වාතාවරණයක් උද්ගත වන නමුත් පාලක පාලිත දෙපක්ෂයම එකී තත්ත්වය මැනවින් සැලකිල්ලට ගෙන හානිය අවම කර ගැනීමට උත්සුක වීම මැනවී.
-කේ.සී.ජේ.රත්නායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();