Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ සංවිධාන පනත සම්මත වූ පසු බොහෝ අයට වැලිකඩ ඉන්න වෙනවා

Author(s): 
උපාලි කරුණාරත්න

ඇමැති දොස්තර රාජිත සේනාරත්න

අධිකරණ සංවිධාන පනත(විශේෂ මහාධිකරණ පිහිටුවීම) මෙම 09 දින පාර්ලිමේන්තුවේදී විවාද කරන බවත් එය සම්මත වූ පසුව බොහෝ අයට වැලිකඩ කාලය ගත කිරීමට සිදුවනු ඇති බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(06) කොළඹදී පැවැති රැලියකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

මෙම 2018 අවසන් වන විට මිනී මරුවන්ගේ සහ හොරුන්ගේ නඩු ටික විසඳිය යුතුයි. ඒකට දිනපතා නඩු අහන පනත පාර්ලිමේන්තුවට මෙම 09 දින ගෙන එනවා. මෙතෙක් කල් එම නඩු ප්‍රමාද වුනා. මේ නිසා මහ ලොකුවට කතා කර කර සිටින බොහෝ අයට මේ වසර අවසන් වන විට සිටින්න වන්නෙ වැලිකඩ සිර ගෙදර. 2018 මෙම ආණ්ඩුවේ ජයග්‍රාහී වසර ලෙස හදුන්වන්න පුලුවන්. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();