ආරාධිත විශ්වවිද්‍යාල බීච් වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසිනි.
ජාතික තරුණසේවා සභ පුහුණු මධ්‍යස්ථාන කෘත්‍රිම බීච් වොලිබෝල් පිටියේ පසුගියදා පැවති මේ තරගාවලියේ පිරිමි තරග අංශයේ අනුශූරතාව කැළණිය විශ්වවිද්‍යාලයටත්, කාන්තා අනුශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමි විය. දෙඅංශයෙන්ම තෙවැනි ස්ථානය සබරගමුව විශ්වවිද්‍යාලයේ පිරිමි හා කාන්තා කණ්ඩායම් දිනාගත්තේය.
බීචිවොලිබොල් තරග විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙමින් හෙයියන්තුඩුව ජාතික තරුණසේවා සභා පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේ දී මෙම තරගාවලිය පැවැත්වූයේ දෙවැනි වරටය. මේ තරගාවලිය සඳහා කොළඹ, කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට, අග්නිදිග සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් සහභාගී වූහ.
එළඹෙන ජූලි මස ජර්මනියේදී පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල බීචි වොලිබොල් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විශ්වවද්‍යාල කණ්ඩායම තේරීම ද මෙහිදී සිදු කෙරුණි.
බෙලිහුල්ඔය සමූහ සමන්තා කංකානම්ගේ
ඡායාරූප - බෙලිහුල්ඔය සමූහ


0 Comments