Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාපැදිවලින් ආ පොජපෙ මන්ත්‍රීන් තණකොළ දී පිළිගනිති

ඉන්ධන මිල වැඩි වීමට විරෝධය දක්වමින් කළු පටි පැලඳ පාපැදිවලින් ඊයේ (15) බෝපේ පෝද්දල සභාවට පැමිණි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තණකොළ දී පිළිගත්හ.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව ආසන්නයේ ඇති කලේගාන හන්දියේ සිට විරෝධතා පුවරු රැගෙන කළු පටි පැලඳ ඔවුන් ඉදිරියට පැමිණෙද්දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තණකොළ රැගෙන ගොස් ඔවුන් පිළිගැනීමට කටයුතු කළහ. ඉන්ධන මිල තවමත් කලින් රජය පැවැති කාලයට වඩා අඩුවෙන් පවතින බැවින් එය තේරුම් ගැනීමට නොහැකි මෙවැනි මන්ත්‍රීවරුන්ට තණකොළ කෑමට දිය යුතු බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගැසීමත් සමග දෙපිරිස අතර උණුසුම් වාග් ප්‍රහාරයක් ඇතිවිය.

කරාපිටිය විශේෂ සහ පෝදදල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();