Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද ඇතුළු පිරිසට එරෙහි ලංගම නඩුව ජූලි 4දා

Author(s): 
රෝෂන් තුෂාර

2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් රටපුරා පැවැත්වූ මැතිවරණ රැස්වීම්වලට සෙනඟ ප්‍රවාහනය කළ ලංගම බස් රථ වෙනුවෙන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගෙවිය යුතු රුපියල් මිලියන 142 ක මුදල ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවරූ නඩුව ජූලි 04 දින යළි විභාග කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (15) දින නියම‍ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාගේ උත්තර එදිනට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණි. පසුගිය (2015) ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරමින් අනුරාධපුර ප්‍රථම රැලියේ සිට කොට්ටාව අවසන් රැලිය දක්වා ලංගම බස් රථ යොදා මිනිසුන් ප්‍රවාහනය කිරීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩුව පවරා ඇත.

රාජපක්ෂ මහතාගේ මැතිවරණ කමිටුව වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගාමිණී සෙනරත් හා අමල් සේනාධිලංකාර යන අය නඩුවේ වගඋත්තරකරුවන් කැර ඇත.

අදාළ විත්තිකරුවන්ගෙන් මුදල් ඉල්ලා මේ වන තෙක් ප්‍රතිචාර නොමැති මුදල් අයකැර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();