නව කැබිනට් අැමැතිවරු 18ක් දිවුරුම් දෙති
නව කැබිනට් අැමැතිවරු 18 දෙෙනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(1)පෙරවරුවේ දිවුරුම් දුන්හ. කැබිනට් සංශෝධනයට අදාළ ඇමැතිවරුන් පමණක් දිවුරුම් දිම සිදු කෙරුණු අතර සෙසු කැබිනට් අැමැතිධූර එලෙසම ක්‍රියාත්මක වේ.47 දෙනකුගෙන් සමන්විත වු කැබිනට් මණ්ඩලය 42 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
වර්තමාන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ විජේදාස රාජපක්ෂ මහතාට මෙම කැබිනට් සංශෝධනය යටතේ කැබිනට් අැමැතිධුරයක් හිමි වී තිබේ. පසුගිය කැබිනට් සංශෝධනයෙන් කබිර් හෂීම් මහතාට හිමි වු උසස් අධ්‍යාපන අැමැතිධුරය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබේ. කබීර් හෂීම් මහතා මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අැමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේය.
මෙතක් කල් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම අැමැතිධුරය මහින්ද අමරවිර මහතාට හිමි වී ඇති අතර අමරවිර මහතා දැරූ ධීවර හා ජල සම්පත් අැමැතිධූරය හිමි වී ඇත්තේ විජිත් විජිතමුණි ද සොයිසා මහතාටය. විජිත් විජයමුණි ද සොයිසා මහතා දැරූ වාරිමාර්ග සහ ජල සම්පත් අැමැතිධුරය දුමින්ද දිසානායක මහතාට හිමි වි තිබේ. පි.හැරිසන් මහතා දැරූ ග්‍රාමිය ආර්ථික පිළිබඳ අැමැතිධුරයද හිමි වි ඇත්තේ සොයිසා මහතාටය. හැරිසන් මහතාට සමාජ සවිබල ගැන්වීම් ඇමති ධුරය හිමි විය.
තලතා අතුකොරල මහත්මියට අධිකරණ අැමැතිධුරයට අමතරව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අැමැතිධුරයද හිමි වි තිබේ.බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අැමැතිධුරය කලින් දැරූ ඩි.එම්.ස්වාමිනාදන් මහතාට ඔහු දරන සෙසු විෂයයන්ට අමතරව උතුරු සංවර්ධන විෂයය හිමි වී තිබේ. ක්‍රීඩා අැමැතිධුරය ලැබි ඇත්තේ ෆයිසර මුස්තාපා මහතාටය.දයා ගමගේ මහතාට ප්‍රාථමික කර්මාන්ත ඇමැතිධුරයට අමතරව සමාජ සුබ සාධන විෂයය හිමි වී තිබේ. ප්‍රාදේශිය සංවර්ධන අැමැතිධුරය දැරූ සරත් ෆොන්සේකා මහතාට ඊට අමතරව රවීන්ද්‍ර සමරවිර මහතා දැරූ තිරසර සංවර්ධන සහ වනජිවී අැමැතිධුරය හිමි විය.රවීන්ද්‍ර සමරවිර මහතාට කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අැමැතිධුරය හිමි වී තිබේ.
ජෝන් අමරතුංග,ගාමිණි ජයවික්‍රම පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවිර, රවුෆ් හකීම්, තිලක් මාරපන, රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, වජිර අබේවර්ධන, රිෂාඩ් බදියුදින්, පාඨලී චම්පික රණවක, නවීන් දිසානායක, රංජිත් සියඹලාපිටිය, ගයන්ත කරුණාතිලක, සජිත් ප්‍රේමදාස, අර්ජුන රණතුංග, පලනි දිගම්බරම්, චන්ද්‍රානි බණ්ඩාර, එම්. එච්. ඒ. හලීම් , හරීන් ප්‍රනාන්දු, මලික් සමරවික්‍රම, මහත්වරුන් දැරූ ඇමැති ධුරවල වෙනසක් සිදු වී නොමැත.
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ධුරයට පත් වූ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කාර්ය බහුලත්වය නිසා ඔහු දැරූ සංස්කාතික අැමැති ධුරයෙන් නිදහස් කර තිබේ.
සංශෝධනයට අදාළ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අැමැතිවරුන් දිවුරුම් දීම අද (2) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවිට.ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.
0 Comments