Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි 38,000ක නියං ආධාර පසුගිය දෙවසරේ ගොවීන්ට ලබා දුන්නා

Author(s): 
අසේල කුරුළුවංශ

ඇමැති මහින්ද අමරවීර

පසුගිය දෙවසර තුළ ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් රුපියල් මිලියන 380000 ක මුදලක් නියං ආධාර වශයෙන් ගොවීන්ට ලබාදුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේය.

දැඩි නියං තත්ත්වයකට රට මුහුණ දී සිටිය දී ආහාර නිෂ්පාදනය 30 % කින් පමණ පහත වැටුණු නමුත් ආහාර හිඟවී කිසිවකුත් මරණයට පත් නොවූ බවද ඒ මහතා කීය.

අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීමට ඊයේ (20) මහනුවරට පැමිණි මහින්ද අමරවීර මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඒ බව ප්‍රකාශ කළශ.

කාලගුණ රටාව වෙනස්ව තිබෙන නිසා කන්න දෙක වගා කිරීම අද ගොවීන්ට ප්‍රශ්නයක් වී තිබෙන බවත් වර්ෂාවත් සමඟ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව ගොවීන් දැනුවත් කර එය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීය.

දැඩි නියඟය හේතුවෙන් විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට රජයට සිදුවූ බවත් මේ නිසා සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට සිදුවුණු බවත් කී ඇමැතිවරයා මේ වන විට දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බැවින් සහල් ආනයන බද්ධ ඉහළ නංවා තිබෙන් යැයිද ප්‍රකාශ ක‍ළේය.

මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සඟවන්නේ නම් යළි බදු අඩු කර සහල් ආනයනය කිරීමට සිදු වෙන බවද හෙතෙම පැවදුවේය.

රජය සෑම විටම ගොවියා සහ පාරිභෝගිකයා පිළිබද සිතා කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සදහා මෙම වර්ෂයේදී කුඩා පරිමාණ වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබෙන බවත් වර්ෂ 2020 වන විට සියලුම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙන බවත් අමරවීර මහතා ප්‍රකාශ කළේය.

විවිධ අවස්ථාවලදී අමාත්‍යධූර වෙනස් වන නමුත් කෘෂිකර්ම අමාත්‍යධූරය සදහා මෙවර සුදුස්සෙක් පත්වී ඇතැයි මෙහිදී මල්වතු මහ නායක හිමියෝ ප්‍රකාශ කළහ.

අතැම් ඇමැතිවරුන්ගේ දුර්වලකම් හේතුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු කිරීමට සිදුවන බවත් ධීවර අමාත්‍යය ධූරයට වඩා කෘෂිකර්ම අමාත්‍යධූරයට අමරවීර මහතා යෝග්‍යය බවත් උන්වහන්සේ කීහ.

දේශීයව වගා කළ හැකි භෝග විදේශ රට වලින් ගෙන්වීම සීමා කළ යුතු යැයිද මෙහිදී මල්වතු මහනාහිමියෝ පැවසූහ.

පසුගිය කාලයේ කෙසෙල් පවා මෙරටට ගෙන්වා ඇති බවද මහනාහියෝ කීහ.

ශ්‍රී ලංකාව කෘෂි ක්ෂේත්‍රයෙන් ස්වයං පෝෂිත කළ හැකිව පවතින බවත් කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන්ව ගොස් තිබීම ඊට බාධාවක් බවත් අස්ගිරි මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

වස විසෙන් තොර ආහාර වගාව ප්‍රචලිත කරන බවත් ඒ අනුව ගෙවතු වගාවක් වශයෙන් කොස්, මුරුංගා, කතුරු මුරුංගා, කෙසෙල් වැනි පැල පවුල් සදහා ලබාදීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් කර්මාන්ත හා ක්‍රීඩා අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාව සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();