Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හමුදාවේ 28,589ක් යුධ ජයග්‍රහණය වෙනුවෙන් දිවි පූජා කළා,

ලක්වාසීන් වර්තමානයේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් යුද හමුදාවේ 23962ක්, නාවික හමුදාවේ 1160ක්, ගුවන් හමුදාවේ 443ක්, ශ්‍රී ලංකා පොලීසියේ 2568ක් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ 456ක සාමාජිකයන් ඇතුළු 28,589කට අධික පිරිසක් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

එසේ දිවි පුදා හිමි කරගත් නිදහස පටු අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් භාවිත නොකළ යුතු බවද හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටිනවා.

යුධ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බප පවසා සිටි අතර එමෙන්ම යුද හමුදාව, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විශේෂිත වු වැඩපිළිවෙලක් සකස් කොට ඇති අතර සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් සිදුකරන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 19 වැනිදා රණවිරු සැමරුම් උත්සවය ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වෙන අතර එදිනම ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී ආලෝක පුජාවක් යුද හමුදාවේ මූලිකතවයෙන් පැවැත්වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.



from Gossip Lanka News & Video https://ift.tt/2rO8bo1
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();