පොහොට්ටුවේ ගැටුම් එළිපිට පුපුරයි – බැසිල්ගේ පිලේ පවිත්‍රාට, ගෝඨා පිලෙන් දැඩි විරෝධයක්..! (VIDEO)
රත්නපුර මහ නගර සභාව සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත් කර ගත් ක‍්‍රමවේදය ගැන එම දිස්ත‍්‍රික්කයේ ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් දැඩි විරෝධය පල කරයි.
රංජිත් සොයිසා, පේ‍්‍රමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා තවත් මහජන නියෝජිතයන් පිරිසක් විසින් රත්නපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙම විරෝධය පල කරන ලදී.
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුනගේ සහාය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි එම පිරිස චෝදනා කරනු ලැබීය.
මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නි ආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියේය.
මෙම දේශපාලන කුපාඩිකමට ඔවුන් දෙදෙනා වගකිව යුතු යයිද මන්ත‍්‍රීවරයා දැඩිව චෝදනා කලේය.
පසුගිය දිනවලදී අපේ රට වෙබ් අඩවිය විසින් දිගින් දිගටම හෙළිදරව් කර සිටි කරුණක් වන්නේ ඉදිරි 2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා පිළිබඳව බැසිල් පිල සහ ගෝඨා පිළ අතර දැසි උණුසුකාරී වාතාවරණයක්පැන නැගී බවත්ය.
එහි ඇතැම් දේවල් අප විසින් හෙළි කර සිටි අතර අද දින එහි තවත් සාක්ෂියක් මෙසේ පුපුරා ගොස් මාධ්‍ය ඉදිරියටම පැමිණුනා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වඩාත් හිතවත් රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ඉතා දැඩිව විවේචනය කරමින් පැවති මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්,
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments