Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති-අගමැති ඉක්මනින්ම අවබෝධතා ගිවිසුමකට

පවතින යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිතුමා හා අගමැතිවරයා අතර ඉතා ඉක්මනින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගම්පොළදී පැවැසීය.

ගම්පොළ නගර සභාව එජාපය ජයග්‍රහණය කිරීමෙන් පසු මංගල සභාවට පෙර නගර සභා ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඇතැම් පිරිස් හා සමහර මාධ්‍ය මේ ආණ්ඩුව හැලෙයි හැලෙයි කියා හැමදාම හැලෙනකන් බලා ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයග්‍රහණය කළා වගේ අපි විශ්වාසභංගයත් ජයග්‍රහණය කළා. ඉතිං මේ සමහර මාධ්‍යයට මම කියන්න ඕනෑ. හැමදාම මේක පෙරළෙයි පෙරළෙයි කියා බලා හිටියට ලේසියෙන් මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා.

ඒ අනුව අපි ඉතිරි කාලයත් එජාපය හා ශ්‍රී.ල.නි.ප ඒකරාශීවෙලා පවත්වාගෙන යනවා.

අපි ඉදිරි වසර දෙකට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න අපි සූදානම්.

එජාපය හා ශ්‍රී.ල.නි.ප සමඟ එකතු වී පසුගිය කාලය තුළ මේ රටට විශාල සේවයක් ඉටු කළා. අපි කළ සේවය තමයි රටට නිදහස ලබා දීම. ඒ නිසා අද තාඩන පීඩනවලින් තොරව මිනිස්සු ජීවත් වෙනව වගේම ජාත්‍යන්තරයත් අපට දිනාගැනීමට හැකි වුණා.

ඉදිරියේදී අපි කැබිනට් සංශෝධනයක් සිදුකොට රටට දැනෙන පාලනයක් ඇතිකිරීමට සැලසුම් කොට තිබෙනවා.

හම්බ කරන්න දේශපාලනයට එනවා නම් තමන්ගේ දේශපාලන දිවිය සාර්ථක වන්නේ නෑ. මොකද වැඩිකල් යන්නට මත්තෙන් ජනතාව ඒක තේරුම්ගෙන සියලු දෙනාම ඒ අය ප්‍රතික්ෂේප කරනවා. එම නිසා මැතිවණයක් ජයග්‍රහණය කළායින් පසු පක්ෂබේදයෙන් ‍තොරව කාගෙත් මන්ත්‍රී ලෙස වැඩකළ යුතුයි.

ගම්පොල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();