සවිබල ගැන්වුණු කාන්තා පරපුරක් අනාගතය සඳහා නිර්මාණය කිරීමටත් ළමයින්ගේ සියලු අයිතිවාසිකම් සුරැකීමටත් තමන් ඇප කැප වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අශෝකා අලවත්ත මහත්මිය පැවැසුවාය.
සියයට 52%ක් වන මෙරට කාන්තා පරපුරට සමාජයෙන් සිදුවන සමාජීය අසාධාරණයන් පිටු දැකීමට වත්මන් රජය ගෙන යන වැඩපිළීවෙළට තම අමාත්‍යංශය තුළින් උපරිම සහංය ලබා දෙන බවද ඒ මහත්මිය අවධාරණය කළාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස අශෝකා අලවත්ත මහත්මිය පසුගියදා සිය ධුරයේ රාජකාරි අැරැඹමින් ඇට මේ බව පැවැසුවාය.
කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධීධාරිනියක වන ඇය 2007 වර්ෂයේදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් පරිපාලන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමිකරගෙන ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සහකාර කොමසාරිස්වරිය ලෙසත්,ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය ලෙසත්,මිහින්තලේ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ලෙසත්,මධ්‍යම නුවරගම් පළාත, මහවිලච්චිය සහ තලාව ප්‍රාදේශිය ලේකම්වරිය ලෙසත් අලවත්ත මහත්මිය සේවය කර ඇත.
ප්‍රාදේශීය පරිපාලනය පිළීබඳ වසර 17ක අත්දැකීම් ඇති අශෝකා අලවත්ත මහත්මිය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් කොමසාරිස් (සංවර්ධන)ලෙස වසර 2006 දී පත්වූ අතර කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙසද කටයුතු කර තිබේ.
වසර 2010සිට නව ලේකම් ධූරය හිමිවන තෙක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ධුරය හෙබවූ ඒ මහත්මිය එම කාලය තුළ කාන්තාවන් හා දරුවන් උදෙසා ප්‍රතිපත්තිමය සහ ක්‍රියාකාරකම් රැසක් ඉටු කරන ලදි.
ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයක් වැළැක්වීම පිළීබඳ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම,පොලිස් ස්ථානයන්හි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ස්ථාපිත කිරීමේ වැඩපිළීවෙළ ,කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විශේෂ ආදර්ශ ගම්මාන පිහිටු වීමේ වැඩපිළීවෙළ ඇරඹීම,රාජ්‍ය ආයතනවල දිවා දුරැකුම් මධ්‍යස්ථාන ඇරැඹීම,කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ,කාන්තාවන් දේශපාලන වශයෙන් සවිබල ගැන්වීම,කාන්තා හිංසනය මර්දන වැඩ සටහන්, වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන් වෙනුවෙන් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් එම අමාත්‍යංශය හරහා වීශාල දායකත්වයක් ලබා දී ඇත.
ඡායාරූපය -ගයාන් පුෂ්පික


0 Comments