Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තාන ආයෝජක කණ්ඩායමක් මෙරටට

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබඳ සොයා බැලීමට පාකිස්තාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයන් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවහු ්පෙරේදා (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා හමුවූහ.

පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයන් මේ කණ්ඩායමට ඇතුළත්වන අතර සෞඛ්‍ය, නිවාස, සංචාරක සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා තමන් සූදානම් බව ඔවුන් ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.

එමෙන්ම අධිවේගි මාර්ග ඉදිකිරීම් සහ ඛනිජ තෙල් කැණීම් ක්ෂේත්‍රවල නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.

හදවත් සැත්කම් සිදුකරන ලොව ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සහ සංචාරක පුරවර දෙකක් සදහා මෙන්ම අඩු වියදම් සහිත නව නිවාස සංකීර්ණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට ද මෙහිදී කැමැත්ත පළ කෙරිණි.

අමාත්‍ය මලික් සමරවික්‍රම, ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ සහ
ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();