Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උදයංග - අර්ජුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ කටයුතු සාර්ථකව සිදුවෙනවා

Author(s): 
විජයානි එදිරිසිංහ

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ මහබැංකු බැඳුම්කර වංචාවේ අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ කටයුතු සාර්ථකව සිදු‍වෙමින් පවතින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

උදයංග වීරතුංග මහතා සම්බන්ධව ඇති තත්ත්වය පිළිබඳව පොලිස්පතිවරයා පැහැදිලිවම කියා සිටියේ උදයංග ඩුබායි රටේ අබුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ රටේ නීතියට පටහැනිව සිදු කළ වරදක් සම්බන්ධව බවයි. එසේ අත්අඩංගුවට ගත් ඔහු මෙරට ඔහු සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා තිබුණි. ඔහු ඒවා මගහැර සිටියදී ප්‍රථමයෙන් ඔහු සම්බන්ධව නිල් නිවේදනයක් නිකුත් කර තිබිණි. පසුව රතු නිවේදනයක් නිකුත් කෙරිණි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු මෙරටට ලබා දීම සහ ඔවුන් එහිදී නීතිය ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධව පවතින්නේ වෙනත් ක්‍රමවේදයකි. අත්අඩංගුවට පත්ව සිටින ඔහු මෙරටට ලබා දෙන ලෙසට ඩුබායි රටෙන් ඉල්ලීම් කළා. ඊට අමතරව සාකච්ඡා පැවැත්වෙනවා. එම සාකච්ඡා සිදුවෙන්නේ එම ක්‍රමවේදයට අනුවයි. ඉන් හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇතැයිද විශ්වාස කෙරෙන බවද පොලිස්පතිවරයා කියයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();