සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හට ඇප ලබාදීම පිළිබඳ නියෝගය මැයි මස 01 දින ලබා දෙන බව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (23) නියෝග කර සිටියේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා විසින් සැකකරුට ඇප ඉල්ලා සිටියේ ය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල හට ද ලසන්ත ඝාතන නඩුවෙහි වැදගත් සාක්ෂි වසන් කිරීමට අනුබල ලබා දී තිබෙන බැවින් හා මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු වෙමින් පවතින හෙයිනුත් ඉදිරියටත් ප්‍රසන්න නානායක්කාර රක්ෂිත බන්ධනාගාරගතකර සිටිය යුතු බවයි.
මැයි 01 වන දින යළි නඩුව කැඳවීමට නියමිත ය.
රිද්මි අමෝදා


0 Comments