Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංවර්ධන නිලධාරීන් බදවා ගැනීමේදී සාධාරණව කටයුතු කරන්න

 උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බදවා ගැනීමේදී වඩාත් සාධාරණ ලෙස එම වැඩපිළිවෙල කි‍්‍රයාවට නගන්නැයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. වයඹ පළාතේ උපාධිධාරීන් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා මෙම කටයුත්තට මැදිහත් වී ඇත.

වයඹ පළාත් උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ආණමඩුවේදී ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා හමු වී කියා සිටියේ උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීමේදී වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි. රජයේ නව වැඩපිළිවෙල යටතේ වයස 35 ඉක්මවූවන්ට එම තනතුරු සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ඔවුහූ පැවසූහ.

මේ සාකච්ඡාව සිදුවන අවස්ථාවේම ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති අචාර්ය හර්ෂද සිල්වා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ කරුණු විමසීමට පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරයා පියවර ගත්තේය. එහිදී හර්ෂද සිල්වා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ කාරණය පිළිබඳ පූර්ණ අවදානය යොමු කරන බවයි. එමෙන්ම වයස අවුරුදු 35 ඉක්මවූ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සම්පාදනය කිරීමට අදාළව අගමැතිවරයා සමග සාකච්ඡා සිදු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ යෝජනාව වූයේ වයස අවුරුදු 45 සීමාව රාජ්‍ය සේවාව සඳහා ඇතුලත් වීමේ අවම වයස් සීමාව ලෙස සැලකීම ඉතා සුදුසු බවයි. එසේ නොවන්නේ නම් උගත් පිරිසට අසාධාරණයක් සිදුවන බවද ඔහු පැහැදිලි කළේය.

මේ අතර රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා උපාධිධාරී නියෝජිතයින් වෙත පොරොන්දු වුයේ මේ ගැටළුවට විසිඳුමක් ලබා දීම සඳහා තමන් මැදිහත් වන බවටයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();